කටානේ වැලි මුදලාලිගෙන් ලක්ෂ 12 ක් කප්පම් ඉල්ලු මීගමුවේ මුල්‍ය සමාගමක කළමනාකරු අත්අඩංගුවට

0
896

කටාන ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයෙකුගෙන් ලක්ෂ 12 කප්පමක් ලබාගැනීමට උත්සාහකල  මුල්‍ය ආයතනයක කළමනාකරුවෙකු මීගමුව කොට්ටාශ අපරාධ   විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනී

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොච්චිඩේ උඩන්ගාවේ පදිංචිකරුවෙකු බව කියන හර්ෂ ලසන්ත පුල්ලේනමැති 32 හැවරිදි  අයෙකි.

කටානේ වැලි ව්‍යාපාරිකයෙකු විසින් තමන්ගෙන් දුනගහ අජිත් නමින්  යම් පුද්ගලයෙකු දුරකථනය මගින් තර්ජනය කර ලක්‍ෂ 12 ක කප්පමක් ඉල්ලන බවට මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී චන්දන අතුකෝරාළ මහතා වෙත 19 වන සිකුරාදා පැමිණිලි කර ඇත.

ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයා විසින්  මෙම පැමිණිල්ල පිලිබදව විමර්ශන කටයුතු කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  සම්පත්   දිසානායක මහතාට පවරා ඇත

ඒ අනුව කප්පම් කරු අත්අඩංගුවට ගැනීමට ඔහු එම අංශයේ නිලධාරීන් සමග සැලසුම් සකස් කර මෙහෙයුම ක්‍රියාත්මකකර ඇත.

පැමිණිලිකරුගේ දුරකථනය ඔස්සේ කප්පම් කරු සමග දුරකථන සංවාද සිදුකර ඇත.

තනියම යතුරුපැදියකින් පැමිණ තමන් කියන තැන පාර අයිනේ  මුදල් තබා යන ලෙස කප්පම් කරු දැනුම්දී ඇත.

දෙදෙනෙකු සමග යතුරැ පැදියකින් පැමිණීමට කල ඉල්ලීමද ප්‍රතික්ෂේප කර ඇති  කප්පම් කරු තනියම පැමිණෙන ලෙස තරයේ ඉල්ලා ඇත.

කෙසේ වෙතත් දුරකථන සංවාද කිහිපයකින් පසු මෝටර් රථයකින් තනියම පැමිණීම සදහාඉඩදීමට  එකගවී ඇති කප්පම් කරු 20 වන දින දහවල් 12.00 වනවිට මුදල් සුදානම්කර තබා ගන්නා ලෙසද දන්වා ඇත.

මේ අනුව 20 දින දහවල් 1.00 ට පමණ පැමිණිලිකරුගේ දුරකතනයට කතාකළ කප්පම්කරු මුදල් ද රැගෙන කොචිචිකඩේ මඩම්පැල්ල  පාරේ හල්පේ දේවස්ථානය අසලට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

කලින් සැලසුම් කල පරිදි නිලධාරීන් දෙදෙනෙකු මෝටර් රථයේ සගවාගෙන පැමිණිලිකරු  හල්පේ දේවස්ථානය අසලට ගොස් කාරයනවතාතිබේ

අංක තහඩු ආවරණය කරනලද යතුරු පැදියකින් පැමිණ කප්පම් මුදල් ලබාගෙන ඇති අතර ඒ අවට ස්ථානගතව සිටි පොලිස් නිලධාරීන් සහ මෝටර් රථයේ පිටුපස   සිටි නිලධාරීන් විසින් සැකකරුසහ ඔහු පැමිණි nwMO4317 අංකය සහිත යතරු පැදියද අත්අඩංගුවට ගෙන ඇත.

මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී වෙන්නප්පුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකින් උසස් පෙළ සමත්ව කැලණිය විශ්වවිද්‍යාලයෙන්  උපාධියක් ලබාගෙන පුද්ගලික  මුල්‍ය ආයතන කිහිපයක සේවය කර ඇති අතර දැනට මාස කිහිපයකට පෙර මිගමුව ශාඛා කළමනා කරු වශයෙන් සේවයට පැමිණ ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සහ අධිකරණ කටයුතු සදහා  සැකකරු කටාන පොලිස් ස්ථානය වෙත බාරදී ඇත.

විමර්ශන වලින් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා . කොට්ටාශ අපරාධ   විමර්ශන අංශයේ සේවය කරන පොලිස් සැරයන් වරුන් වන 34064 හේරත් 25582 ගුණසේකර පොලිස් කොස්තාපල් වරුන්වන 78142 ප්‍රභාත් 82442 පෙරේරා 37936 වන්නිනායක88441 හපුවිට 34292 නලින්ද සහ පොලිස් රියදුරු 85438 ජයකොඩි යන නිලධාරින්ද සහභාගී වී තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here