කුන්ඩන්විල පාරේ කසිප්පු මිලිලීටර් 67500 ක්

0
30

මිගමුව කුන්ඩන්විල පාරේ නිවසක  පවත්වාගෙන ගිය මහාපරිමාණයේ නීතිවිරෝධී මත්පැන් අලවි හලක් මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් වටලා සැකකරුවෙකු සහ  කසිප්පු මිලිලීටර් 67500 ක් අත්අඩංගුවට ගෙන ඇත. මිගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්තිලක වැලිවිට මහතාගේ උපදෙස් මත මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත උපපොලිස් පරීක්ෂක රජිත දිසානායක මහතා විසින් වැටලීම මෙහෙයවා ඇත.

දිනපතා පාසැල් සිසුසිසුවියන් විශාල වශයෙන් ගැවසෙන උපකාරක පන්ති කිහිපයක් පවත්වන  රාජපක්ෂ උද්‍යානය අසල අතුරු මාර්ගයක මෙම කසිප්පු අලෙවිසැල පවත්වාගෙන ගොස් ඇත. පොලිස් කොස්තාපල්වරුන් වන 9333 සරත්, 61094 අබේසිංහ,87018 ප්‍රියදර්ශන සහ පොලිස් රියදුරු සදරුවන් යන නිලධාරීන් ද අද අලුයම් කාලයේ සිදුකල මෙම වැටලීමට සහභාගිවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here