තමන් ඉපදුනු ජිවත්වන සහ මිහිදන්වන රට ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේ වගකීමක් -මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති

0
60

ආගමික ඉගැන්වීම් විශ්වාසයන්ට සහ සමාජ සම්මතයන්ට එකග නොවන සහ පවතින නීතියට අනුව නීතිවිරෝධී යම්යම් දේවල් නීත්‍යානුකූල කිරීමට සහ ප්‍රචලිත කිරමට පවතින රජය ක්‍රියාකරමින් සිටින බවත් මේවා සමාජගතකිරීමට සදහා පෙර පාසල් දරුවාගේ සිට මනස වෙනස් කිරීමට   වැඩසටහන් ක්‍රියාත්මක වී ඇති බවද මහින්ද රාජපක්ෂ  හිටපු ජනාධිපතිවරයා පවසයි.

එතුමා මෙම අදහස් ප්‍රකාශ කලේ කටානේ ශ්‍රී වර්ධනාරාමයේ  අභිනව ධාතුමන්දිරය සහ සංඝාවාසය සග සතු කිරීම නිමිත්තෙන් පැවති උත්සව සභාව අමතමිනි.

සියළු ජාතින් විවිධ ආගම් වලට අයත් පිරිස් එකට එකතුවී ජිවත්වන  කටාන ප්‍රදේශය සැමට ආදර්ශයක් බවත් පැවසූ හිටපු ජනාධිපති වරයා  නායකයන් කිහිපදෙනෙක් ආණ්ඩුවේ සිටීම නිසා තීරණ ගැනීමේදී ගැටළු ඇතිවන බවත් පසුවෙන් පාලනය කරගත හැකිව තිබු මහනුවර දිගන සිද්දිය බරපතල තත්වයක් දක්වා වර්ධනය වුයේ මේ නිසා බවද පැවසිය.

තමන් ඉපදුනු ජිවත්වන සහ මිහිදන්වන රට ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේ වගකීමක් බවද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයා පැවසිය.

හඩ පටයට මෙතැනින්

මෙම අවස්ථාවට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් ඇතුළුමහ සංඝරත්නය දේශපාලන පක්‍ෂ නියෝජිතයන් ප්‍රදේශ වාසීන් සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවය විහාරාධිකාරී කරබේ සුමන හිමියන්ගේ නායකත්වයෙන් විහාරස්ථ දායක සභාව විසින් විසින් සංවිධානය කරතිබුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here