නගරයේ කානු පිරිසිදු කිරීමට බදාකිරීම යුක්ති සහගතද ?

0
1108

සුළු වැස්සකට පවා   මිගමුව නගරය වැසිජලයෙන් යටවීම   මතුපිට කානු පද්දතිය ඉදිකිරීමත් සමග අවසන්විය.

ඒ සදහා වැයවී ඇති මුදල ලක්ෂ 48,000 පමණ බව දැනගන්නට ඇත එසේ වියදම්කර තැනු මතුපිට කානු ක්‍රමය නිසිපරිදි කාලයක් තිස්සේ නඩත්තු නොකිරීම  සහ සමහර ව්‍යාපාරිකයන්ගේ සහ පුද්ගලයන් ගේ ආත්මාර්ථකාමී ක්‍රියා හේතුවෙන්බොහෝ ප්‍රදේශ වල  සම්පුර්ණයෙන්ම ගොඩවි තිබුණි.

මේ නිසා කෝටි ගණනක් වැයකර තැනු කාණුවල ජලය බෑසනොයන තත්වයක් පැවතුන අතර එම නිසා මදුරු ගණත්වය ඉහල යාමත් කානු උතුරා පිටාර ගැලීම සහ  දුර්ගන්දය හැමිමද  සිදුවිය එම කානු සුද්ධ නොකිරීම පිලිබදව නගර වැසියන්ගේන් චෝදනා එල්ලවිය.

මෙම කානුවල පිරි ඇති පස් ඉවත් කිරීමේ කටයුතු සිදු කීරම නගර සභාව විසින් ආරම්භ කර ඇති අතර එම පවිත්‍ර කිරීම් සදහා යම් අයෙකු ඉඩනොදී අවහිර  කරන්නේ නම් එය නීති විරෝධී මෙන්ම සදාචාරාත්මක නොවන කාර්යකි.

ඊයේ මිගමුව පොදු සුසාන භුමිය ඉදිරිපිටදීද සිදුවී ඇත්තේ ද එවැන්නකි කානුව සුද්ද කිරීමට උදවු කරනු වෙනුවට එය වැළැක්වීම සදහා ප්‍රචණ්ඩ ලෙස හැසිරීම කිසිදු පුරවැසියෙකු  හෝ ප්‍රදේශ වාසියෙකු අනුමත නොකරන්නකි.

මේ අන්දමින් නගරසභා සේවකයන්ට තමනට අයත් රාජකාරි කිරීමට ඉඩනොදී තර්ජනය කිරීමට නිතිය අතට ගෙන කටයුතු කිරීමකි.

නගර සභාව කානු පිරිසිදු කිරීමෙන් තමනට අගතියක් වෙන බව සහ එය ඔප්පුකල හැකිනම් කලයුතු හොදම දෙය කලහකාරී ලෙස හැසිරීම නොව එම අගතිය කල අයට එරෙහිව නීතිමය පියවර ගැනීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here