පොළොන්නරුවේ තරුණයෙක් හොර නෝට්ටු සමග කටුනායකදී කොටුවෙයි

0
39

මිගමුව සහ තදාසන්න ප්‍රදේශවල පුද්ගලයින්රවටා ව්‍යාජය මුදල්නොට්ටු ලබාදී ලක්‍ෂ ගණනක මුදල් වංචා කල බව කියන පුද්ගලයෙකු මිගමුව පොලිසියේ විෂමත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පොළොන්නරුවේ අරලගංවිල රුහුණුගම පදිංචි 20 හැවරිදි තරුණයෙකි. මුදල් දෙගුණකර දෙනබව පවසා පුද්ගලයන් රවටා වලංගු මුදල් ලබාගෙන ව්‍යාජ මුදල් ලබාදෙමින් වංචාවක නිරතවන බවට  විශේෂ රාජකාරියේ නියුතු 41374 අජිත් නිලධාරියට තොරතුරක් ලැබී ඇත.

මෙම තොරතුර අනුව මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී චන්දන අතුකෝරාළ මහතාගේ  උපදෙස් පරිදි මුලස්ථාන පොලිස් පරීක්ෂක උදයකුමාර වුල්ට්ර් මහතාගේ අධීක්‍ෂණය යටතේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක  අයේෂ් පෙරේරා ඇතුළු කණ්ඩායමක් සිදු කල විමර්ශන වලදී හෙළිවූ තොරතුරු අනුව කටුනායක 18 කණුව ප්‍රදේශයේදී  17 දින දහවල්  මොහු  අත්අඩංගුවට ගෙන ඇත .

අත්අඩංගුවට ගනුලැබූ අවස්ථාවේ රුපියල් 5000 සහ 500 යේ  ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් මොහු සන්තකයේ තිබී ඇත.

වැඩිදුර විමර්ශන වලින් පසුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here