මිගමුව නගර සභාවේ ජේ සි බි යන්ත්‍රයට ගල්ගැසූ සැකකරු 29 දක්වා රිමාන්ඩ්

0
1167

මිගමුව මහනගර සභාවේ පොදු කානු පිරිසිදු කරමින් සිටි සේවකයන්ට එම කටයුතු සිදුකිරීමට අවහිර කර ගල්ගසා නගර සභාවේ ජේ සි බි යන්ත්‍රයට අලාභ හානි සිදුකල මිගමුව  කනත්ත පාරේ ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකුගේ 30 හැවරදී පුත්‍රයා   මෙම මස 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කර ඇත.

මෙසේ රක්ෂිත  බන්ධනාගාර ගත කර ඇත්තේ ෂේන් ඔක්ස්වර්ඩ් කොයින් නමැති සැකකරුය.

මිගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති උදයකුමාර වුල්ටර් මහතා ගේ උපදෙස් පරිදිඅපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ආනන්ද හේරත් මහතා ඇතුලු නිලධාරීන් විමර්ශන සිදු කර සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here