මාර්ගයේ “හික්මීම නොමැතිකම” දිනකට ශ්‍රී ලංකාවේ අටදෙනෙකුට දිවි අහිමි කරයි

-

ගෙවී ගිය වසරේ මාර්ග අනතුරු හේතුවෙන් දළ වශයෙන් පුද්ගලයින් අට දෙනෙක් පමණ දිනපතා මියගොස් ඇති බව සංඛ්‍යා ලේඛනවලින් හෙළිවී තිබේ.

ශ්‍රී ලංකා පොලිසිය සතු දත්ත අනුව 2017 වසරේ වාර්තා වූ රිය අනතුරුවලදී දෛනිකව 12 දෙනෙක් පමණ තුවාල ලැබූහ.

ත්‍රිරෝද රථ පදවන්නන් හා යතුරුපැදි ධාවකයින් “වැඩියෙන් ම අනතුරුවලට භාජනය වන පිරිස” ලෙස පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව හා අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ විසින් හඳුන්වාදෙනු ලබයි.

“ශරීරය නිරාවරනය වී ඇති නිසා අනතුරුවලදී ඔවුන්ට සිදුවන හානිය ඉතා බරපතලයි” යනුවෙන් ඔහු පෙන්වා දුන්නේය.

BBC

පොලිස් වාර්තාවලට අනුව, 2016 වසරේ සිදුවූ මාරක රිය අනතුරු 2798 ක් වූ අතර 2017 දී එය 2922 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අදාළ දෙවසර තුළ පිළිවෙලින් පුද්ගලයන් 2961 ක් සහ 3100 වශයෙන් පුද්ගල මරණ සිදුවී තිබේ. දළ වශයෙන් 2017 වසරේ එක් දිනයකදී පුද්ගලයන් 8 ට වැඩි පිරිසක් මාර්ග අනතුරු හේතුවෙන් මිය ගොස් තිබේ.

2018 වසරේ පළමු මාස හය තුළදී සිදුවූ මාරක අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 1514 ක් බව පොලිස් වාර්තාවල සඳහන්වේ. ඒ අනුව මාර්ග අනතුරුවලින් මිය යන පුද්ගලයන් ප්‍රමාණයෙහි අඩුවීමක් නොපෙන්වයි.

මාර්ග භාවිත කරන්නන් තුළ “හික්මීමක්” නොමැතිවීම අනතුරුවලට වඩාත් හේතුවී ඇති බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පොලිස් අධිකාරී හපුගොඩ සඳහන් කළේය.

“අනෙකා පසුකර යාමට ඇති හදිස්සිය නිසා මාර්ග නීති නොසැලකීම, වැරදි ලෙස ඉස්සර කරමින්, අධික වේගයෙන් රිය ධාවනය කිරීම මේ තත්ත්වය ඇතිවෙන්න හේතුවෙලා තියෙනවා.”

වසර නවයකට වාහන ලක්ෂ 41 ක්

ශ්‍රී ලංකා පොලීසියට අනුව, 2009 දී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචිවී තිබුණේ වාහන ලක්ෂ 33 ක පමණ ප්‍රමාණයකි. 2018 ජුනි 30 වනවිට එය, ලක්ෂ 74 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව දශකයකට අඩු කාලයක් තුළ, ශ්‍රී ලංකාවේ පවතින මාර්ග පද්ධතියට දළ වශයෙන් රථවාහන ලක්ෂ 41 ක් අලුතෙන් එක්වී තිබේ.

“මේ කාලය තුළ යතුරුපැදි ලක්ෂ 42 ක් සහ ත්‍රිරෝද රථ ලක්ෂ 11 ඉක්මවා ලියාපදිංචි වෙලා තියෙනවා. වැඩියෙන්ම අනතුරුවලට භාජනය වන්නේ මෙම දෙපිරිසයි,” ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂවරයා පවසයි.

Accidents

අනතුරුවලට බලපෑ මූලික හේතු ලෙස ශ්‍රී ලංකා පොලීසිය පෙන්වා දෙන්නේ:

  1. මාර්ග භාවිත කරන්නන්ගේ හික්මීම නොමැතිකම
  2. නොසැළකිලිමත් රිය ධාවනය
  3. රියදුරන් අධික ලෙස තෙහෙට්ටුවට පත්ව සිටියදී රිය ධාවනය

අනතුරු වලක්වා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව ගන්නා ක්‍රියා මාර්ග:

  1. අනතුරු සිදුවන ස්ථාන සහ වේලාවන් පිළිබඳ ඇති දත්ත අනුව ඒ ඒ ස්ථානවලට පොලිස් නිලධාරීන් යෙදවීම
  2. ජනතාව අතරට ගොස් දැනුවත් කිරීම
  3. මාර්ග අනතුරුවලට හේතුවිය හැකි ඉදිකිරීම් නඩත්තු කරන ආයතන සමග සම්බන්ධවී කටයුතු කිරීම
  4. යතුරුපදිකරුවන්, ත්‍රිරෝද රථ රියදුරන්, පොදු ප්‍රවාහන සේවා කරන ආයතනවල රියදුරන් විටින් විට දැනුවත් කිරීම
  5. වැරදි ලෙස මාර්ගය හරහා ගමන් කරනා පදිකයන් උපදෙස් පන්තිවලට කැඳවා වීඩියෝ දර්ශන උපකාරීත්වයෙන් දැනුවත් කිරීම
SLPImage copyrightSLP
Image caption“CCTV සහ පොලිස් වාහනවල සවි කළ කැමරා මගින් නීත්‍යානුකූල නොවන ලෙස රිය පදවන රියදුරන්ට දඩ පැනවීම සිදුකරනවා”

“වැරද්ද කරපු අවස්ථාවේ ඡායාරූපයක්, වැරුද්ද මොකක්ද කියන දේත් එක්ක දඩ කොලය ගෙදරට යවන ක්‍රමය ලබන පෙබරවාරි මාසයේ දී අපි අත්හදා බලන්න කටයුතු කරනවා. එතකොට ඉතින් උසාවියට ගිහින් තර්ක කරගන්න පුළුවන්” යනුවෙන් එවක පොලිසිය භාර අමාත්‍ය සාගල රත්නායක පසුගිය ජනවාරි මාසයේදී මාධ්‍යට කළ අදහස් දැක්වීම පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසුමට පිළිතුරු වශයෙන්, එය මෙතෙක්ක්‍රියාත්මක නොවුණු බව පොලිස් අධිකාරි හපුගොඩ ප්‍රකාශ කළේය.

“නමුත් පොලිස් CCTV සහ පොලිස් වාහනවල සවි කළ කැමරා මගින් නීත්‍යානුකූල නොවන ලෙස රිය පදවන රියදුරන්ට එරෙහිව දඩ පැනවීම සිදුකරනවා.”

‘පොලිස්පතිට කියන්න’

SLPImage copyrightSLP
Image captionඔබ සතු කරුණු පොලිස්පතිට කියන්න. http://www.telligp.police.lk/

මාර්ග නීති කඩ කරන රියදුරන් පිළිබඳ වීඩියෝ දර්ශන පොලිසියට ලබාදෙන්නේ නම් ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවත්, ඒ සඳහා ‘පොලිස්පතිට කියන්න’ පහසුකමත්, VPN ජාලයත් පවතින බවත්, දැනටත් පුරවැසියන් මාර්ග නීති කඩකිරීම් පිළිබඳ අවස්ථා සාක්ෂි සහිතව යොමු කරන බවත් පොලිස් අධිකාරීවරයා පැවසීය.

“දනටත් අපි එහෙම යොමු කරන තොරතුරුවලට අනුව දඩ පනවා තිබෙනවා.”

“පහුගිය දවසක කළුතර පාලමේ පේමන්ට් එක උඩින් ඔවර්ටේක් කරගෙන බස් රථයක් ගියා. අපි ඒකෙ අංකය ට්‍රේස් කරගෙන, රියදුරා ගෙන්නලා කරපු වරද පෙන්නලා නීතිය ක්‍රියාත්මක කළා.” ඔහු වැඩිදුරටත් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

තවත් අවස්ථාවක, මහනුවර ප්‍රදේශයේ මහා මාර්ගයක ත්‍රීරෝද රථයක් රෝද දෙකකින් ගමන් කරවීමට සලස්වමින්, අනෙක් රෝදය ගලවා සවි කරන වීඩියෝවක්ද පරීක්ෂා කර වැරදිකරුවන් හඳුනාගත් බව ඉන්දික හපුගොඩ පවසයි.

පුරවැසියන්ගේ වගකීම

Getty ImagesImage copyrightGETTY IMAGES

පුරවැසියන්ට එවැනි දර්ශන ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ලබාදීමෙන් අනතුරු අවම කිරීමට දායක විය හැකි බව පොලිස් අධිකාරීවරයා පවසයි.

“සමහර දේවල් පොලිස් මූලස්ථානයට එවනව. සමහර තොරතුරු ‘පොලිස්පතිට කියන්න’ යන සේවයට ලැබෙනව. රථවාහන වැරදි සම්බන්ධයෙන් ලබාදෙන එවැනි තොරතුරු සියල්ල ‘පොලිස් මහජන සබඳතා ඒකකය’ හරහා රථවාහන මූලස්ථාන පොලීසියට ලැබෙනවා. ඒ සියල්ලටම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.”

එපමණක් නොව, තොරතුරු ලබාදුන් පුද්ගලයාගේ විද්‍යුත් ලිපිනයට එහි ප්‍රගතිය දන්වන බවත් පොලිස් අධිකාරීවරයා පැවසීය.

GETTY/ SENA VIDANAGAMAImage copyrightGETTY/ SENA VIDANAGAMA

ස්ථානීය දඩ වැඩිවෙයි

මේ අතර, මාර්ග වැරදි සම්බන්ධයෙන් වසර 13 ට පසු නව දඩ සහිත අති විශේෂ ගැසට් පත්‍රයක් 2018 ජනවාරි 15 නිකුත් කර තිබේ. ඒ අනුව වැරදි තිස්තුනකට දඩ නියමකිරීමට හැකි ලෙස නව නීති සකස්වූ අතර එය 2018 ජුලි 15 වෙනිදා සිට ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, වේග සීමා ඉක්මවීමේ දඩය රු. 1000 සිට 3000 දක්වා ද, මාර්ග නීති පිළිනොපැදීම, මෝටර් වාහනයක් නවතා තැබීමේදී ගතයුතු ආරක්ෂක විධිවිධාන නොගැනීම සහ පොලිසියේ අණට අවනත නොවීම වෙනුවෙන් පනවන දඩ රු. 1000 සිට 2000 දක්වා වැඩිකර තිබේ

BBCSINHALA

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here