මිගමුව මහා නගර සභාවට හරක් ?

-

මිගමුව මහා  නගරසභාවට අයත් නාගරික ක්‍රීඩාංගන වල නඩත්තු කටයුතු සිදුකිරීම ඉතාමත් දුර්වල මට්ටමක පවතින අතර මේවා භාවිතා කරන නගර වැසියන් ද මෙම ක්‍රීඩාංගන වල තත්වය පිලිබදව වැඩි උනන්දුවක් දක්වන බව පෙනෙන්නට නැත.

එමෙන්ම මෙම ක්‍රීඩාංගන වල සංවර්ධන කටයුතු සදහා විමධ්‍යගත අරමුදල් වලින් ප්‍රතිපාදන වෙන්කරන මහජන නියෝජිතයන් තමන් වෙන්කළ ජනතා බදුමුදල් නිසිපරිදි  ප්‍රයෝජනයට ගන්නවාදැයි සොයා බලන්නේද  නැත .

මෙම ක්‍රීඩා භූමිවල  බාරකරුවන් සේවකයන් වැඩට එනවද කරන වැඩ මොනවාද කියා නගර සභාවේ පරිපාලනය සොයා බලන්නේද නැත.

එසේ සොයා බලනවා නම් ක්‍රීඩාභුමි  මේවිදියට නන්නත්තාර වන්නේද නැත ක්‍රීඩාපිටිවල වැවෙන තණකොළ කපා එදිනෙදා කලයුතු නඩත්තු කටයුතුවත්  මෙම ක්‍රීඩාංගන වල සේවකයන් ගෙන් ඉටුකරගැනීමට නොහැකි නම් නගර සභා බලධාරන් කලයුතු වන්නේ  අඩුම තරමින් තණකොළ වැවී ක්‍රීඩාංගන කැලයෙන් වැසි යාමෙන් වලක්වා ගැනීම සදහා  හොද හරකුන් කිහිපදෙනෙක් මිලදී ගැනීමයි.

කුරණ මේජර් රාජ් ප්‍රනාන්දු ක්‍රීඩාංගනය වල්බිහිවී ඇති අයුරු

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here