පමණ ඉක්මවා” මත්පැන්; ආයුෂ කොට කරයිද?

-

එක්සත් රාජධානියේ නිර්දේශ කර ඇති ප්‍රමාණයට වඩා වැඩියෙන් මත්පැන් පානය කරන පුද්ගලයන්ගේ ආයු කාලය වසර ගණනකින් අහිමි විය හැකි බව මුල්පෙළේ විද්‍යාත්මක පර්යේෂණ වාර්තාවක දැක්වෙයි.

මත්පැන් පානය කරන පුද්ගලයන් හය ලක්ෂයක් යොදා ගනිමින් එම පරීක්ෂණය සිදු කර ඇති අතර, සතියකට දහ පහළොස් වතාවක් මත්පැන් භාවිතා කරන පුද්ගලයෙකුගේ ආයු කාලය වසර දෙකකින් හෝ තුනකින් අඩු වන බව එම පරීක්ෂණයේ දී හෙළිදරව් වී ඇත.

මත්පැන් පානය සම්බන්ධයෙන් 2016 දී එක්සත් රාජධානිය නිකුත් කළ නිර්දේශවලට අනුව සතියකට මත්පැන් ඒකක දාහතරකට වැඩියෙන් පරිභෝජනය කිරීම සෞඛ්‍යට ඉතා අහිතකරය. එම මත්පැන් ප්‍රමාණයට බීර පයින්ට් හයක් සහ වයින් වීදුරු හතක් ඇතුළත්ය.

‘ලාන්සෙට්’ (Lancet ) විද්‍යා සඟරාවේ මෙහෙයුමෙන් සිදු කරන ලද පරීක්ෂණ වාර්තාවේ කතුවරුන් තම සොයා ගැනීම් මගින් නව නිර්දේශ අනුමත කෙරෙන බව පවසන අතරම, සුළු වශයෙන් මත්පැන් පානය කරන පුද්ගලයන්ට ජීවිත අවදානමක් නොමැති බවත් පෙන්වා දෙති.

විද්‍යාඥයන් අදාළ පරීක්ෂණය සිදුකරන ලද්දේ රටවල් දහ නවයක විසිර සිටින පුද්ගලයන් නියැදියක සෞඛ්‍ය සහ මත්පැන් පානය කිරීමේ පුරුදු සැලකිල්ලට ගනිමිනි.

පුද්ගලයෙක් වයස අවුරුදු හතළිහේ සිට ඔහුගේ ආයු කාලය අවසන් වන තුරු එකම රටාවකට මත්පැන් පානය කරන්නේ නම්, ඔහුගේ අපේක්ෂිත ආයු කාලයෙන් කොපමණ වසර ප්‍රමාණයක් අඩු වන්නේදැයි පරීක්ෂණයේ දී සැලකිල්ලට ගෙන ඇත.

සතියකට පහේ සිට දහය දක්වා වාර ගණනක් මත්පැන් පානය කරන්නේනම් එම පුද්ගලයාගේ ආයු කාලය මාස හයකින් අඩුවන බව පරීක්ෂණයේ දී හෙළි වී ඇත.

මත්පැන්Image copyrightGETTY IMAGES

මත්පැන් පානය කිරීම තුළින් හෘද රෝග වැළදීමේ අවදානම වැඩි වන අතර, නිර්දේශි කර ඇති ප්‍රමාණයට වඩා පානය කරන සෑම ඒකක 12.5 කින්ම,

  • අංශභාගය රෝගයට ගොදුරු වීමේ අවදානම 14% කින් ද,
  • අධි රුධිර පීඩනයට ගොදුරු වීම 24% කින් ද,
  • හෘදයාබාධ වැළඳීම 9% කින් ද,
  • මහා ධමනිය ඉදිමීමෙන් වැළදෙන රෝගී තත්වයන්ට ගොදුරු වීම 15% කින් ද වැඩි කෙරෙනු ඇත.

මාරක නොවන හෘද රෝග සුවවීම සහ මත්පැන් පානය අතර සම්බන්ධයක් ඇතැමුන් දකින නමුත් ,මත්පැන් බීම නිසා වෙනත් මාරාන්තික රෝග වැළඳීමේ ඇති අවදානම නිසා ඉහත මතය අර්ථ ශූන්‍ය බව විද්‍යාඥයන්ගේ නිගමනයයි.

මේ තොරතුරුද කියවන්න:

මින් පෙර සිදු කළ අධ්‍යනයක සඳහන් වූයේ ‘රතු වයින්’ පානය කිරීමෙන් හෘද රෝග වැළඳීමේ අවදානම අවම කරන බවය. නමුත් මෙම අධ්‍යන ප්‍රතිඵල අනවශ්‍ය ලෙස වර්ණනා කර ඇති බව සමහර විද්‍යාඥයන්ගේ මතයයි.

මත්පැන්Image copyrightGETTY IMAGES
Image caption‘රතු වයින්’ පානය කිරීමෙන් හෘද රෝග වැළඳීමේ අවදානම අවම කරන බව මින් පෙර සිදු කළ අධ්‍යනයක සඳහන් විය.

ඩෙන්මාර්ක්හි සිදු කළ පරීක්ෂණයක ප්‍රතිපලය ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ සතියකට තුන් හෝ හතර වතාවක් මත්පැන් පානය කිරීමෙන් දෙවන අදියරේ දියවැඩියාවට ගොඳුරු වීම අවම කරන බවය.

“කෙසේ වෙතත්, මත්පැන් පානය කිරීමෙන් ශරීර සෞඛ්‍යයට ඇති වන වාසියක් නොමැති බව මෙම පරීක්ෂණය අවසානයේ දී ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම මත්පැන් පානය කරන පුද්ගලයන්ට අසාධ්‍ය නොවන හෘද රෝග වැළදීමේ අවදානම අඩු බවට මතයක් තිබෙනවා. නමුත් මත්පැන් පානය නිසා ඇති වන මාරාන්තික හෘද රෝග සහ අංශභාගය වැනි රෝග තත්වයන් නිසා ඉහත මතයෙහි කිසිදු වැදගත් කමක් නැත,” ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ හෘද රෝග ඖෂධ පිළිබඳ මහාචාර්ය ටිම් චිකෝ පවසයි.

ඔහු ඉහත සඳහන් කළ පරීක්ෂණවලට සම්බන්ධ වී නැත.

තවත් තොරතුරු:

ඉතාලිය, පෘතුගාලය සහ ස්පාඤ්ඤයේ පුද්ගලයකුට සතියකට පානය කළ හැකි උපරිම මත්පැන් ප්‍රමාණය එක්සත් රාජධානියේ නිර්දේශිත ප්‍රමාණයට වඩා 50% කින් වැඩිය. එමෙන්ම ඇමරිකාවේ පුරුෂයන් සදහා නිර්දේශිත මත්පැන් ප්‍රමාණය එමෙන් දෙගුණයකට ආසන්නය.

“මෙම පරීක්ෂණයෙන් දෙන ප්‍රධානතම පණිවිඩය වන්නේ, ඔබ දැනටමත් මත්පැන් පානය කරන්නේ නම්, මින් පසු අඩුවෙන් පානය කිරීමෙන් ඔබේ ආයු කාලය වැඩි විය හැකි අතර, මාරාන්තික හෘද රෝගවලින් පීඩා විඳීමේ අවදානම අඩු කරන” බව යයි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇන්ජෙලා වුඩ් සඳහන් කළාය. ඇය මෙම පරීක්ෂණ කණ්ඩායමේ නියමුවරිය ලෙස කටයුතු කර ඇත.

BBC SINHALA

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here