අධික වේගය මවකට තම එකම දරුවා අහිමි කරයි

0
5693

මියගොස් ඇති  තම එකමදරුවා  වේගයෙන් යතුරුපැදි පදවන බව මිගමුව මහරෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී  මියගිය තරුණයාගේ මව ප්‍රකාශ කර ඇත.

මෙම කරුණු අනාවරණය වුයේ  මිගමුව අක්කර පනහ ප්‍රදේශයේදී 27 දින සවස 3.30 ට පමණ සිදුවූ යතුරු පැදි අනතුරකින් මියගිය චන්දුල නිසල් චන්ද්‍රසිරි නමැති  (20 ) තරුණයාගේ මරණය පිලිබදව මිගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය  සිරිජයන්ත වික්‍රමරත්න මහතා ඉදිරියේ අද 28 දින පැවති  පරික්ෂනයේදීය.

මෙහිදී වැඩිදුරටත් සාක්‍ෂි දී ඇති මියගිය තරුණයාගේ මව වන මානෙල් චන්ද්‍රානි එදිරිසිංහ(52)මහත්මිය යාළුවෙකු බලන්නට යනබව පවසා තම දරුවා නිවසින් පිටත්ව ගියබවද දරුවා හදිසි අනතුරකට ලක්ව රෝහල් ගතකල බව අසල් වැසියෙකුකල දැනුම දීමට අනුව තමා රෝහලට ගිය බවද  දරුවා මියගොස් ඇතිබව තමන් රෝහලේදී දැනගත් බවද ප්‍රකාශ කර තිබේ.

තම දරුවාට යතුරු පැදි පැදවීම   සදහා බලපත්‍රයක් ඇතිබවද ඔහු වේගයෙන් යතුරු පැදි ධාවනය කරනබවද මවගේ සාක්ෂියේ වැඩිදුරත් සටහන්ව ඇත.

ඉදිරිපත්වූ සාක්‍ෂි අනුව  මෙය යතුරු පැදි අනතුරකින් සිදුවූ හදිසි මරණයක් යයි මිගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය  සිරිජයන්ත වික්‍රමරත්න මහතා තීරණය කර ඇත.

හදිසි අනතුරේ cctv දර්ශන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here