කොච්චිකඩේ බිපි වත්තේ දෙමහල් නිවසක කසිප්පු ස්කාගාරයක්- අයිතිකරු කාන්තාවක් (VIDEO)

0
164

කොච්චිකඩේ බිපි වත්තේ දෙමහල් නිවසක  කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී කසිප්පු ස්කාගාරයක් මිගමුව කොට්ටාශ විෂමත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් වටලයි.

කොට්ටාශ විෂමත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක චාමර ප්‍රදීප් මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකල වැටලීමේදී පෙරන ලද කසිප්පු ස්ප්‍රිට් බෝතල්  160 ක් ගෝඩා බැරල් 5 ක් පෙරීමේ උපකරණ සිනි ඇමෝනියා ගෑස්ලිප් ගෑස් ටැංකි ඇතුළු උපකරණ ද අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය මෙම ස්ථානය වටලන අවස්ථාවේදී කසිප්පු පෙරමින් තිබු අතර කාන්තාව විසින් කුලියට ගත් පුද්ගලයෙකු ඒ සදහා යොදාගෙන ඇතිබවත් නිවස කුලී පදනමට ගෙනතිබු බවත් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවටගෙන ඇති කසිප්පු ස්කාගාරයේ හිමිකාරිය 46 වියැති  කාන්තාව  කොච්චිකඩේ නැගෙනහිර පලගතුරය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර  අනෙක් සැකකරු දළුපොත පතිමාවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .

මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී චන්දන අතුකෝරාල මහතාගේ උපදෙස් අනුව කොට්ටාශ විෂමත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක චාමර ප්‍රදීප් මහතා සිදුකල මෙම අත්අඩංගුවට ගැනීම හා විමර්ශන කටයුතු සදහා කාන්ත පොලිස් කොස්තාපල්10018 චතුරිකා  පොලිස් සැරයන් 31753 දමිත් පොලිස් කොස්තාපල් වරුන්වන 62765 උපුල් 60490 සෙනවිරත්න 63353 අබේවික්‍රම 72471 නිශාන්ත යන පොලිස් නිලධාරින්ද  සහභාගී වී ඇත.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ අධිකරණ කටයුතු සදහා මිගමුව මුලස්ථාන පොලීසිය වෙත බාර දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here