28 C
Negombo
28 C
Negombo

කොරෝනා බිය මැද ලොක්ඩවුන් කාලේ ‘ඇල්කොහොල් නැති බියර්’ සුනෙත් පෙරේරාBBC සිංහල

-

Image copyrightASOKA HANDAGAMA
Image caption‘Beer without Alcohol’ චිත්‍රපටය සඳහා රංගන ශිල්පීන් දායක වන්නේ ඔවුන්ගේ නිවෙස්වල සිට ‘Zoom’ ඔස්සේය

කලාකරුවෙකු උපදින්නේ පස්මහ බැලුම් බලා නොවේ.

ඔවුන් පවතින බිමෙහි ඉපිද ඒ බිමෙහි ම යා යුතු මග සොයන්නෝය.

“මේ ඔබට කාලයයි…” දෙව්බඹුන් බෝසතුන්ට මිනිස් ලොව වෙත වඩින්නැයි ආරාධනා කළ බවක් පැවසේ. කලාකරුවෝ දෙව්බඹුන්ගෙන් එවැනි ආරාධනා නොලබති.

ලොවම විසාලාවක් කළ කොරෝනා බිය මැද කලාකරුවා අභියෝග අතික්‍රමණය කළ යුතුය. නව මං සොයා යා යුතුය.

කොරෝනාවෛරස් උවදුරත් සමග පැනවුනු ලොක්ඩවුන් සීමා හමුවේ ඇතැම් වෘත්තීන් නිවසේ සිට පවත්වාගෙන යාමට (Working from home) බල කෙරිණි. එහිදී වැඩි වශයෙන්ම කාර්යාලීය සාකච්ඡා (Office meetings) සිදු කෙරුනේ ‘Zoom’, ‘Skype’, ‘Messenger’ වැනි වීඩියෝ සන්නිවේදන ජාල ඔස්සේය.

නිවසේ සිට කළ නොහැකි රැකියා සහ අත්‍යවශ්‍ය සේවා හැරුණු කොට කර්මාන්ත සහ ක්ෂේත්‍ර රැසක් සංචරණ සීමා ඉදිරියේ ගල් ගැසිනි. සිනමා කර්මාන්තය ද ඒ අතර විය. නමුත් ඊට සම්බන්ධ ඇතැම් කලාකරුවෝ ලොක්ඩවුන් සීමාවන්ට නතු නොවී විකල්ප මං සොයා ගියහ. නව නිර්මාණ බිහි කළහ.

සිනමාවේදී අසෝක හඳගම ‘Zoom’ ඔස්සේ චිත්‍රපටයක් නිර්මාණය කරනු ලබන්නේ එවැනි පසුබිමකදීය.

‘Zoom’ වීඩියෝ සන්නිවේදන ජාලය ඔස්සේ ‘Beer without Alcohol’ (ඇල්කොහොල් නැති බියර්) චිත්‍රපටය සඳහා රංගන ශිල්පීන් දායක වන්නේ ඔවුන්ගේ නිවෙස්වල සිටය. යූටියුබ් ඔස්සේ තිරගත කෙරුනු නිසා මේ නිර්මාණය නැරඹීමට ප්‍රේක්ෂකයා සිනමාහලක් වෙත යා යුතු නැත. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් නිවසේ සිටම එය නැරඹිය හැකිය.

Beer without alcoholImage copyrightASOKA HANDAGAMA
Image captionඅධ්‍යක්ෂ අසෝක හඳගම පවසන පරිදි ඔහුගේ මේ අභ්‍යාසය එක්තරා දුරකට වෙනස් සිනමා ශානරයක් ලෙස හැඳින්විය හැක

‘Beer without Alcohol’ ගෙතී ඇත්තේ ලොක්ඩවුන් සීමාව තුළ වර්චුවල් අවකාශයේ (Virtual space) හමුවන මිතුරන් සිව් දෙනෙකු වටාය. නදී කම්මැල්ලවීර, සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ, රුක්මාල් නිරෝෂ් සහ ශෂිනි ගමගේ ඊට රංගනයෙන් දායක වෙති.

කොරෝනාවෛරස් සීමා නිසා නිවසට කොටු වී “ඔහේ වැටී සිටි” මොහොතක අසෝක හඳගමගේ ආරාධනය තමන්ට මානසික ඔසුවක් වූ බව නදී කම්මැල්ලවීර පවසන්නීය.

“මම ටෙලි සීරීස් එකක වැඩ කරන්න ඔස්ට්‍රේලියාවට ගිහින් හිටියේ. එහි පටිගත කිරීම් සිදුවෙමින් තිබෙන අතරතුර ලෝකය පුරා ඇති වුණු තත්ත්වයත් එක්ක මම ලංකාවට ආවා. ඒ වගේම සති කීපයක් තුළ වේදිකා නාට්‍යයක වැඩ කරන්නත් සූදානමින් හිටියේ. ඒ සියලු කටයුතු නවතා දාලා එක පාරටම ‘සෝෂල් ඩිස්ටන්සින් රෙස්ට්‍රික්ෂන්’ එක්ක (සමාජ දුරස්ථභාවය සඳහා වන නීති) අපි ගෙවල්වලට කොටු වුනා,” යනුවෙන් ඇය බීබීසී සිංහල සේවය වෙත කියා සිටියාය.

“දැන් අපි මොකක්ද කරන්නේ?, කියන හැඟීම මට ඒ වෙලාවේ දැනුනා. ‘තව කොච්චර කාලෙකට අපේ ක්ෂේත්‍රයේ වැඩක් කරන්න බැරි වෙයිද?’ කියල වේදනාවක්, සංතාපයක් හිතේ ඇති වුනා. ඇත්තටම ඒක අමාරු, අපහසු හැඟීමක්. කොරෝනාවෛරසය සමග හටගත් අර්බුදය ඉදිරියේ ලෝකය පුරා අපි මිනිසුන් විදිහට අත්විඳින වේදනාවට අමතරව අපේ වෘත්තීය තුළ ‘අපි දැන් මොකද කරන්නේ?’ කියන ප්‍රශ්නය මගේ ඔළුවේ වැඩ කළා.”

නදී කම්මැල්ලවීරImage copyrightASOKA HANDAGAMA
Image caption“පිටපත කියවලා ලොකු ප්‍රබෝධයක් ඇති වුනා. ඒකත් එක්ක ‘ඔහේ වැටිලා හිටපු’ මම උඩට ආවා. මේ සීමා ඇතුලෙත් අපිට වැඩක් කරන්න පුලුවන් නේද කියන බලාපොරොත්තුව ඇති වුනා.”

රංගනය යනු සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් කළ හැකි කාර්යයක් නොවේ. සිනමා කර්මාන්තය යනු මිනිසුන් ගැටෙන, මුහුවෙන තැනකි. වේදිකා නාට්‍ය ද එසේමය.

“ඒ වගේ වාතාවරණයක් තුළ තමයි මම ‘Beer without Alcohol’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ. අපිට එකිනෙකා හම්බවෙන්නවත් බැරි, ගෙදරින් එලියට යන්නවත් බැරි තත්ත්වයක් ඇතුලේ ‘ෆිල්ම් එකක් ෂූට්කරන්නේ කොහොමද?’ කියන එක තමයි මම මෙහි දකින ආශ්චර

“පිටපත කියෙව්වම ලොකු ප්‍රබෝධයක් ඇති වුනා. ඒකත් එක්ක ‘ඔහේ වැටිලා හිටපු’ මම උඩට ආවා. මේ සීමා ඇතුලෙත් අපිට වැඩක් කරන්න පුලුවන් නේද කියන බලාපොරොත්තුව ඇති වුනා.” යනුවෙන් නදී කම්මැල්ලවීර වැඩිදුරටත් සඳහන් කළාය.

‘Beer without Alcohol’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ අසෝක හඳගම පවසන පරිදි ඔහුගේ මේ අභ්‍යාසය එක්තරා දුරකට වෙනස් සිනමා ශානරයක් ලෙස හැඳින්විය හැක.

Asoka HandagamaImage copyrightASOKA HANDAGAMA
Image caption“මේක එක්තරා දුරකට අමුතු තත්ත්වයක්. ඒ වගේම එක්තරා ආකාරයක පීඩාකාරී තත්ත්වයක්. එවැනි තත්ත්වයක් තුළ නිර්මාණයක් කරන්නේ කොහොමද කියන එක ඉතාමත් දරුණු විදිහට අපව පසුබෑමකට ලක් කර තිබූ මොහොතක තමයි මේ අදහස පහළ වුනේ”

“දුර ඉඳන් කරන වැඩ කිරීම (Remote working) පසුගිය කාලයේ විශාල වශයෙන් සිදු වුනා. උදාහරණයක් විදිහට ඉන්දියාවේ සමාජ දුරස්ථභාවය ගැන පණිවිඩයක් දෙන්න කළේ, තැන් තැන්වල ඉන්න නළු නිළියන්ට තමන්ගේ කොටස දුරකතනයකින් හෝ රූගත කර ලැබීමට සලස්වා, ඒවා එක තැනකදී එඩිට් කරලා සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම. ඒකත් එක්තරා ආකාරයක අලුත් අභ්‍යාසයක්. නමුත් ඒක සාමාන්‍ය සිනමා ආකෘතිය තුළම සිදු වුනු වැඩක්,” යනුවෙන් අසෝක හඳගම බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

“මේක ඉන් වෙනස් වෙන්නේ ‘Zoom’ නැතිනම් ‘Skype’ හෝ වෙනත් වීඩියෝ කොන්ෆරන්සින් ප්ලැට්ෆෝම් එකක් අපි පාවිච්චි කරන්නේ සාකච්ඡාවක් සඳහා. ඒකම තමයි මේ නිර්මාණයේ ආකෘතිය වුනෙත්. හැන්දෑවක සාමාන්‍යයෙන් අපි හමු වෙලා එක තැනක කරන සේ පෙනෙන සාකච්ඡාවක්, සුහද සාමීචියක් වර්චුවල් ස්පේස් එකක, නැතිනම් ‘Zoom’ අවකාශය හරහා එක් වී කෙරෙන සාකච්ඡාවක ආකෘතිය ඇතුලෙම කලාත්මක ප්‍රකාශනයක් කරන්න අපි උත්සාහ කළා. මේක තුළ තවත් කෙනෙකුට තවත් අභ්‍යාස කළ හැකියි. එහෙම කළොත් මේ ආකෘතිය ඇතුලෙම වෙනස් වෙනස් කෘති බිහි විය හැකියි. එහෙම වුනොත් මෙය එක්තරා ආකාරයක අලුත් සිනමා ශානරයක් වෙනවා.”

“අපි සිනමාකරුවෝ. ප්‍රකාශනයක් කිරීම අතින් මේ පවතින වාතාවරණයේ අසීරුකම, බලපෑම වැඩියෙන්ම තිබෙන්නේ අපිට. මොකද අපේ ප්‍රකාශන එළිදක්වන්න වෙන්නේ සිනමා ශාලාවක නම් ඒ වෙත සෙනග රැස් වෙන්න තවත් කෙතරම් කාලයක් ගත වේදැයි යන්න ගැන ඒ මොහොතේ හරි අදහසක් තිබුනේ නැහැ.”

“අනෙක් දේ තමයි මාස එක හමාරක වගේ කාලයක් එකිනෙකා මුණ නොගැසී, එකිනෙකා දකින්නේ නැතුව, දැක්කා වුනත් මූණු වසා ගෙන ඇස්වලින් කතා කරන මට්ටමකට දුරස් වෙලා ඉන්න වුනු අපිට ගොඩක් වෙලාවට සම්බන්ධකම් පවත්වාගන්න හැකි වුනේ පරිගණක තිරයක් හරහා. එතකොට මිනිස් සම්බන්ධකම් කියන දේ සජීවී සම්බන්ධයක් වෙනුවට වර්චුවල් ස්පේස් එකක කෙරෙන හමුවක් බවට ලඝු වුනා. මේක එක්තරා දුරකට අමුතු තත්ත්වයක්. ඒ වගේම එක්තරා ආකාරයක පීඩාකාරී තත්ත්වයක්. එවැනි තත්ත්වයක් තුළ නිර්මාණයක් කරන්නේ කොහොමද කියන එක ඉතාමත් දරුණු විදිහට අපව පසුබෑමකට ලක් කර තිබූ මොහොතක තමයි මේ අදහස පහළ වුනේ” යනුවෙන් අසෝක හඳගම වැඩිදුරටත් සඳහන් කළේය.

Rukmal NiroshImage copyrightASOKA HANDAGAMA
Image caption“රංගන ශිල්පියා, සංස්කරණ ශිල්පියා කියන භූමිකාව වගේම දර්ශන පටිගත කළෙත් මමමයි. ඒක වෙනස් අත්දැකීමක්”

‘Beer without Alcohol’ චිත්‍රපටයේ පටිගත කිරීම් සහ සංස්කරණ කටයුතු සිදු වන්නේ ඊට රංගනයෙන් දායක වූ රුක්මාල් නිරෝෂ් අතිනි. ඒ සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සිටය.

“රංගන ශිල්පියා, සංස්කරණ ශිල්පියා කියන භූමිකාව වගේම දර්ශන පටිගත කළෙත් මමමයි. ඒක වෙනස් අත්දැකීමක්. මේ නිර්මාණයෙන් තැන් තැන්වල හිර වෙලා හිටපු ඊට සම්බන්ධ වූ සියලු දෙනාටම අලුත් පණක්, උත්තේජනයක් ලැබුනා. ඒ වගේම අනික් කාරණය තමයි කලාකාරයෙකුට කොයිම අවස්ථාවකදිවත් කිසිම සීමාවක් බලපාන්නේ නැහැ, තමන්ට ඕනෑම අවස්ථාවක නිර්මාණයක් කරන්න පුළුවන් කියන දේ අපිවත් සම්බන්ධ කරගෙන අසෝක අයියා කරලා පෙන්නුවා,” යනුවෙන් රංගන ශිල්පී රුක්මාල් නිරෝෂ් බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

Presentational grey line

“නළු නිලියන්ම ඇක්ෂන් කියාගෙන තමයි රඟපෑවේ. එවැනි සීමාවන් තුළ අපි පැය පහක් වගේ ඇතුළත පටිගත කිරීම් නිම කළා. ඊට පස්සේ පැය කීපයක් තුළ සංස්කරණයත් අවසන් කළා. මේක ලොක්ඩවුන් සීමාව තුළ දී රිලීස් කරන්න අවශ්‍ය නිසා රිද්මය පවත්වා ගනිමින් කෙටි කලකදී සංස්කරණය කිරීම අභියෝගයක් වුනා. නමුත් මම හිතනවා ඒ අභියෝගය ජය ගත්තා කියලා.”

ලොක්ඩවුන් සීමා පැවති කාලය නව යුගයක අරුණැල්ලක් වනු ඇත්දැයි යන්න හෝ සුපුරුදු දිවි පෙවතට යාමට පෙර පැවති කෙටි විරාමයකට පමණක් සීමා වනු ඇත්දැයි යන්න ඉතිහාසය විසින් තීන්දු කරනු ඇත.

සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේImage copyrightASOKA HANDAGAMA
Image captionසමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේ

‘Beer without Alcohol’ පිළිබඳ අදහස් දක්වමින් විචාරක චින්තන ධර්මදාස කියා සිටියේ ලොක්ඩවුන් සීමාව ලොව වටා කලාකරුවන්ට අලුත් ප්‍රවේශ සොයා යාමට මං හෙළි කළ බවය.

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ පරම්පරාවේ සිනමාකරුවන් බොහෝ විට තාක්ෂණික අභියෝග බාර ගැනීමට පැකිලෙන ස්වභාවයක් දක්නට ඇති පසුබිමක අසෝක හඳගම මේ ආකාරයේ “අත්හදාබැලීමකට” පිවිසීම පිළිබඳ සිය ගෞරවය පළ කරන බවත් චිත්‍රපටය සම්බන්ධයෙන් සිය විවේචනය හෝ විචාරය ඉදිරිපත් කිරීමට සිදු වන්නේ ඉන් අනතුරුව බවත් ඔහු බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

“උදාහරණයක් විදිහට නෙගටිව් එකෙන් ඩිජිටල්වලට මාරු වෙන්නත් රණ්ඩු කරන්න සිද්ධ වුනා. මිනිස්සු කිව්වා නෙගටිව් එකේ තමයි ෆිල්ම්ස් තියෙන්නේ කියලා. සෙලියුලොයිඩ් කියන එකේ හිර වුනා. තාක්ෂණය අතින් හරිම අමාරුවෙන් තමයි අපේ මාරු වීම් සිද්ධ වෙන්නේ. ඒ වගේ පෙරළියකදී, අභියෝගයකදී හඳගම කියන්නේ එක්තරා විදිහකින් සිතා ගන්න අපහසු ආකාරයේ සීමාවකින් අලුත් ප්‍රවේශයක් ඉදිරිපත් කරපු සිනමාකරුවෙක්.”

ලොක්ඩවුන් සීමාව තුළ විවිධාකාරයේ නිර්මාණාත්මක ප්‍රකාශන එළියට පැමිණියත් එමගින් සිනමා කර්මාන්තය ගොඩ ගැනීමට තරම් ක්ෂණික බලපෑමක් සිදු වෙතැයි තමන් විශ්වාස නොකරන නමුත් එය නව ප්‍රවේශයන් සඳහා යම් අඩිතාලමක් සකසනු ඇති බවට චින්තන ධර්මදාස විශ්වාසය පළ කරයි.Presentational grey line

කොරෝනාවෛරස් උවදුර හමුවේ ගතව ගිය කෙටි කාලය තුළ පොදුවේ ශ්‍රී ලංකාව තුළ බලාපොරොත්තු නොවුන මට්ටමේ පරිවර්තනයක් සිදු වූ බව ඔහුගේ අදහසයි.

“බෙදා හැරීමේ ජාලයන්…මිනිස්සු එක්වෙලා ගෙවල්වල ඉන්න අයට අවශ්‍ය දේවල් සප්ලයි කරන්නේ කොහොමද?, ඔන්ලයින් ස්ටෝර්ස්, ඔන්ලයින් කෑම සහ බෙදා හැරීම්, බෙහෙත් ගන්න හැටි වගේ මේ පහසුකම් කොහොමද හදන්නේ කියන එක අවධානයට ලක් වුනා.”

“ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ටියුෂන් කොහොමද ඔන්ලයින්වලට ගේන්නේ කියන දේ ගැන කටයුතු කරමින් සිටිනවා. මේ වගේ පැති ගණනාවක් ගැන මිනිස්සු උනන්දු වෙන්න පටන් ගත්තා. ගොඩක් පැතිවලින් සාර්ථක වුනා. ලෝකය විවෘත වුනත් ඇත්තටම අපිට මොනවද කරන්න තියෙන ගනුදෙනු කියන දේ ගැන අපිට හොඳ තීරණයකට යන්න පුළුවන්. අපි හැමදාම පැය අටක් රස්සාවක ඉන්න ඕනද? ඒ වගේ දේවල් ගැන පවා හිතා බලන්න පුළුවන් විදිහේ කවුළුවක් විවෘත වුනා. මම දැක්කා ඒ තුළ ගොඩක් අය අලුත් අලුත් අත්හදාබැලීම් කරනවා.” යනුවෙන් ඔහු පැවසීය.

Chinthana DharmadasaImage copyrightCHINTHANA DHARMADASA
Image caption” ‘යකෝ මම මොකක්ද කරමින් හිටියේ’ කියන දේ ආපහු හැරිලා බලන්න ලැබුණු වෙලාවක් මේක. ඒක දෙවියෝ දුන්නු වගේ වෙලාවක්. ඒක මිනිස්සුන්ට ජීවිතේ ආපහු හම්බ වෙන්න නැති වෙන්නත් පුළුවන්,”

කලාව, ආර්ථිකය, ජීවිතය වැනි කාරණා පිළිබඳ යළි සිතා බැලීමට පසුගිය කෙටි කාලය මිනිසුන්ට යම් අවස්ථාවක් ලබා දුන් බව ඔහු කියා සිටියේය.

“අපි මෙච්චර කල් දුවපු, මෙතරම් කල් මේන්ටේන් කරපු, මෙච්චර කල් පවත්වාගෙන ගිය ජීවිතය මේ කෙටි කාලය තුළ…මාස තුනක් විතර වහල තියන කොට හැම මනුස්සයෙක්ම තමන්ගේ ජීවිතේ දිහා හැරිලා බැලුවා. ‘යකෝ මම මොකක්ද කරමින් හිටියේ’ කියන දේ ආපහු හැරිලා බලන්න ලැබුණු වෙලාවක් මේක. ඒක දෙවියෝ දුන්නු වගේ වෙලාවක්. ඒක මිනිස්සුන්ට ජීවිතේ ආපහු හම්බවෙන්නෙ නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ හරහා ගත්ත යම් කිසි තේරුම් ගැනීම් අවබෝධයන් එක්ක ඉස්සරහ වෙනස්කම් සලකුණු කළා. මේ ආර්ථිකය මේ විදිහටම අරගෙන යනවද? අපේ ව්‍යාපාරවල මුහුණුවර මේ විදිහටම තියාගන්නවද? අපේ ජීවිතේ පවත්වාගෙන යන්නේ මේ විදිහටද? අපේ ආට් කරන්නේ මේ විදිහටමද? මෙන්න මේ දේවල් ගැන අලුත් සාකච්ඡාවක් ආරම්භ කළ යුතුයි. අලුත් අදහස් ෂෙයාර් කරගන්න වෙනවා.”

“එතනදී ආට් කරන කට්ටියට තියෙන වැදගත්ම දේ තමයි මේ අලුත් ලෝකේ ගැන තමන්ගේ තියෙන පරිකල්පනය එළියට දාන්න පුළුවන් වෙන එක. සන්නිවේදනය කරන එක. මිනිස්සුන්ට ඒ ෆීල් එක දෙන්න පුළුවන් එක. නැත්නම් රට බංකොලොත් වෙලා අපට කෙල වෙලා, ඩිප්‍රෙස් වෙලා බඩගාගෙන එන මිනිස්සු පිරිසක් නෙමෙයි, මෙතන ඉඳන් පටන් ගන්නේ අලුත් ආරම්භයක් කියන එක හිතෙන පැත්තෙනුයි වැඩ කරන පැත්තෙනුයි දෙපැත්තෙන්ම සලකුණු කරන්න පුළුවන් පෙරලියක් ආට්වලින් තමයි කරන්න වෙන්නේ,” යනුවෙන් චින්තන ධර්මදාස වැඩිදුරටත් සඳහන් කළේය.

BBC SINHALA

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content