26.5 C
Negombo
26.5 C
Negombo

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මිගමු කලපුවේ සිදුකල මෙහෙයුම (VIDEO)

-

මිගමු කලපුවේ සිදුව ආසන්නයේ කිදිගොඩ කුරුළු දුපත ඇතුළු දුපත් අශ්‍රිතව සිදුකල මෙහෙයුමකදී  කලක් තිසේසේ පවත්වාගෙන ගිය මහපරිමාණයේ කසිප්පු නිෂ්පාදනාගරයක තිබු ගෝඩා 22500 ක් සහිත බැරල් 100 ක් ඇතුළු උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස්  ව්ශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එම් එම් එන් කේ මාරසිංහ මහතා ඇතුළු නිලධාරීන් 30 ක් පමණ 6 වනදින මෙම මෙහෙයුම සිදුකල අතර කසිප්පු පෙරීම සදහා සුදානම් කරතිබූ ගෝඩා බැරල් 100 ට අමතරව ලීටර් 20 කෑන් තොගයක් භාවිතා නොකල ගෑස් සිලින්ඩර් 24  ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

කසිප්පු පෙරීම සදහා දුපතට පැමිණීමට ජාවාරම්කරුවන්  භාවිතාකල බෝට්ටුවක් සහ පිටතින් සවිකරන බෝට්ටු එන්ජිමක්ද  පොලිස් බාරයට ගෙන ඇත.

කොළබ උතුර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ උපදෙස්පරිදි සහකාර පොලිස් අධිකාරී ජයතිස්ස මහතාගේ අධීක්ෂණයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.