27 C
Negombo
27 C
Negombo

බැසිල් පාර්ලිමේන්තු නියෝජනය කිරීම කාලින අවශ්‍යතාවයක් -රාජ්‍ය ඇමති නිමල් ලාන්සා

-

ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාවය පිටු දැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කිරීම මේ අවස්ථාවේ සිදුවිය යුතු කාලීන අවශ්‍යතාවයක් බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මාධ්‍ය වෙත ඒ පිළිබඳව අදහස් දක්වමිනි.
වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය දරන සමයේ ආර්ථික කලමණාකරණය හා රටේ සංවර්ධනය සදහා මහගු මෙහෙවරක් ඉටු කරමින් දකුණු ආසියාවේ සංවර්ධිත හා ආර්ථිකමය වශයෙන් ශ්‍රී  ලංකාව ඉහළට ඔසවා තැබීමට එතුමා කටයුතු කළා. උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම ඇතුලු විවිධ වැඩසටහන් රාශීයකට එතුමා දායකත්වය ලබා දුන්නා.
වර්තමානයේ කොවිඩ් අර්බුදය නිසා ලංකාවේ මෙන්ම ලෝක ආර්ථිකයට ද බලපෑම් එල්ල වී තිබෙනවා. ලෝක වෙළදපොලේ තෙල් මිල ඉහළ යාම නිසා ලංකාවේ තෙල් මිලද ඉහළ යාම නිසා ධීවර කේෂ්ත්‍රය ඇතුලු කේෂ්ත්‍ර ගණනාවකට බලපෑම් එල්ල වී තිබෙනවා. මේ සදහා ජනතාවට සහන ලබා දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරයයි. ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා හා කැබිනට් මණ්ඩලය සමග සාකච්ජා කොට ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත.
වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” හරහා ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරලීමට හා මෙවර අයවැයෙන් ලබා දුන් පොරොන්දු ඉටු කරමින් ජනතා අවශ්‍යතාවයන් ඉටු කරලීම සදහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් ශක්තියක් වීමට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් පිටත සිටීමට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් අමාත්‍යධුරයක් භාර ගැනීම කාලීන මෙන්ම ජනතාවගේද බලාපොරොත්තුවක් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
—-

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.