32 C
Negombo
32 C
Negombo

ඉන්දියාවට ගුවනින් යන්නගිය තාරකා ඉබ්බන් 223 ක් මීගමුවේදී අත්අඩංගුවට

-

මිලකළ නොහැකි තාරකා ඉබ්බන් 223 ක් සමග ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු  මිගමුව පොලිසියේ දුෂණ මර්ධන ඒකකය විසින් 10 දින  රාත්‍රී  7.00 ට පමණ මිගමුව කොප්පරා හන්දිය අසල සිවුමහල් ගොඩනැගිල්ලක ඉහල මාලයේ රැදී සිටියදී අත්අඩංගුවට ගනු ලැබිය

වනසත්ව සහ වෘක්ෂලතා පනත යටතේ ලගතබාගැනීම නිතිවිරෝධිවන සංරක්ෂිත සතකුවන  මෙම තාරකා ඉබ්බන්  මුහුදු මගින්හෝ ගුවන්මගින් නිතිවිරෝධිව විදේශගත කිරීමට රැගෙනයාම සදහා රිජුෆෝරම් පෙට්ටිවල අසුරා තිබී ඇතිබව සිදුකල මුලික වී

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වන්නේ සංචාරක විසාමගින් ශ්‍රී ලංකාවට පැමිණ ඇතිබව කියන  ඉන්දියාවේ අංක 23/24  ෆෙයර්ඩ් බෑඩ් ලිපිනයෙහි පදිංචි කරුවෙකු බව කියන 40 හැවරදී  මාවිස් ඇරෝරා ඉන්දියාවේ නවදිල්ලි නුවර අංක 223 හි පදිංචි කරුවෙකු වන 33 හැවරදී ප්‍රින්ස් කවට්රා සහ මුල්ලේරියාව නවනගරයේ කොටිකාවත්ත යු අයි බි එච් පාරේ පදිංචිකරුවෙකු බව කියන ලක්‍ෂ පති මහවිදානේලාගේ චමින්ද නමැති අයයි.

මිගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික වත්තේගම මහතාට ලැබුණු තොරතුරකට අනුවසිදුකල මෙම වැටලීමට සහ විමර්ශන කටයුතු සදහා  මිගමුව පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රත්නායක පොලිස් කොස්තාපල්වරුන් වන 38339 තුෂාර 77769 ප්‍රනාන්දු 82489 අමල් යන නිලධාරින්ද සහභාගිවී ඇත

වැඩිදුර විමර්ශන වලින් පසුව මෙම  සැකකරුවන්   අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය

.

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.