ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයන් 4200 ක් පමණ සිටියත් හදුනාගෙන ප්‍රතිකාර සදහා යොමුවීඇත්තේ 2700 ක් පමණක් බවත් මෙම තත්වය මෙරටින් HIV වයිරසය 2025 අවසන්කිරීමට ඇති ප්‍රබල බාධාවක් බව ශ්‍රිලංකාවේ ලිංගික සෞඛ්‍ය හා HIV පිළිබද විද්‍යාර්ථයින්ගේ සංසදයේ සභාපති විසේසඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ මහතා පැවසිය .
එය්ඩ්ස් රෝගීන්ගේ සිරුර තුල ඇති වයිරසය කෙටිකාලයක් තුල බිංදුව දක්වා අඩුකළ හැකි ඖසධ ඇතිබවත් එසේ ප්‍රතිකාර ගැනීම නිසා ඔහුගේ ජීවිතය රැකෙන අතරම වෙනත් අයට වයිරසය අසාදනය වීම සිදුනොවන බව මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලිකල විසේසඥ වෛද්‍ය චිත්‍රාන් හතුරුසිංහ මහතා පෙන්වා දුන්නේය
ඒ මහතා මෙම අදහස් පලකලේ එම සංසදයේ වාර්ෂික සමුළුව අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළකරමිනි දිනතුනක් තිස්සේ මීගමුවේ ජෙට්වින් බලු හෝටලයේ දී පැවති මෙවර සමුළුවේ තේමාව වුයේ කොවිඩ් අභියෝගය හමුවේ 2025 දී ශ්‍රී ලංකාවෙන් එයිඩ්ස් HIV අවසන් කිරීමේ අභියෝගය ජයගන්නෙ කෙසේද යන්නයි .
.HIV අසාදනය වීම නිසා මේවනවිට ලෝකයපුරා මිලියන 38 ක ජනතාවක් මියගොස් ඇතිබවත් සමරිසි පුද්ගලයන් ගණිකා සේවයේ නිරත වුවන් බීච් බෝයිලා අවදානම් කණ්ඩායම් ලෙස හදුනාගෙන ඇතිබවද ප්‍රකාශ කල සභාපති වරයා. සියලු දෙනා එක්ව එකට කටයුතු කළහොත් 2025 ශ්‍රී ලංකාවෙන් එයිඩ්ස් HIV අවසන් කිරීමේ අභියෝගය ජයගත හැකිවන බවද ප්‍රකාශ කළේය.