කටානේ දෙමන් හන්දියේ පිහිටි අයිඩියල් නමැති ආයතනයෙන් නිකුත්වන සිමෙන්ති වැනි කුඩක් හේතුවෙන් සිදුවන පරිසර විනාශයට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීන් පිරිසක් එම ආයතනය ඉදිර්පිට නිහඩ උද්ඝෝෂණයක් සහ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබිණි.
මෙහි ඇති විශේෂත්වය වනුයේ සමාජ ක්‍රියාකාරිකයෙකු බවකියන නාමල් කුමාර මහතා විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබීමයි.
ප්‍රදේශයේ සිටින දේශපාලනඥයන් රාජ්‍ය නිලධාරීන් අවස්ථා කිහිපයකදී ලිකිතව සහ වාචිකව දැනුවත් කලත් ඒ කිසිවෙකු තමන්ගේ ගැටලුව පිලිබදව අවධනය යොමුනොකිරිම නිසා නාමල් කුමාර මහතා සමග මෙම ව්රෝධ්තාවය සංවිධානය කිරීමට සිදුවුබව ප්‍රදේශවාසීන් පැවසිය.
ප්‍රදේශ වාසීන් සතුව තිබු ලිපිලේකන අනුව ජනාධිපතිතුමා ගෙසිට වසමේ ග්‍රාමනිලධාරී දකවා රාජ්‍ය නිලධාරීනට සහ කටාන ප්‍රදේශීය සභාවට තම ගැටලුව අවස්ථා කිහිපයකදී ලිකිතව දැනුම් දී ඇතත් මෙතෙක් සාධනීය ක්‍රියාමාර්ගයක් නොගත් බවත් සමහර රාජ්‍ය නිලධාරීන් මෙම පාරිසරික විනාශය සහ මහජන පිඩාව පිලිබදව සොයාබැලීමට අවම වශයෙන් නොපැමිණි බව ප්‍රදේශ වාසීන් වැඩිදුරටත් පැවසිය.