මිගමුව මාරිස්ටෙලා විදුහලේ සියවස් සැමරුමට සමගාමිව විදුහලේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් මිලියන 112 ක වියදමින් ව්‍යපෘති දෙකක් ක්‍රියත්මක කිරීමට විදුහලේ ක්‍රීඩා සංගමය සැලසුම් කරතිබේ.
මිගමුව මාරිස්ටෙලා විදුහලේ ක්‍රීඩා සංගමය විසින් කැදවාතිබු ප්‍රවෘත්ති සාකච්චාවකදී මෙම තොරතුරු අනාවරණය විය.
මිගමුව ග්‍රෑන්ඩ්ඩිසා හෝටලයේදී 30 දින සවස මෙම ප්‍රවෘත්ති සාකච්චාව පැවැත්විණි
මෙහිදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කල මිගමුව මාරිස්ටෙලා විදුහලේ ක්‍රීඩා සංගමයේ ව්‍යපෘති කමිටුවේ සභාපති ප්‍රනීත්පීරිස් මහතා 2022 වසරේදී විදුහලට සියක් වසරක් සපිරෙන් බවද මේ කාලය තුලදී විදුහලෙන් ජාතික කණ්ඩායම් නියෝජනය කිරීමට ක්‍රීඩකයන් විශාල පිරිසක් බිහිකර තිබෙනවා .
ක්‍රීඩා පහසුකම් තවදුරටත් වර්ධනය කිරීම සදහා ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා සියලු ගෘහස්ත ක්‍රීඩා කළහැකි අන්දමට දැනට තිබෙන ගෘහස්ත ක්‍රීඩාංගනයේ පොලව ලෑලි වලින් නිර්මාණය කර නවීන තාක්ෂණය සහිත අංග සම්පුර්ණ කිරීම්සිදුකරනවා
ශ්‍රීලංකා කණඩායම නියෝජන කල ක්‍රීඩකයන් බිහිකළ විදුහලට මෙතෙක් අඩුපාඩුවක්ව පැවති ටර්ප් එකක් සකස් කර දීම අනෙක් ප්‍රධාන ව්‍යාපෘතියයිද පැවසූ ප්‍රනීත්පීරිස් මහතා මේ ව්‍යපෘති දෙක2022 වසර තුලදී අවසන් කිරීමට බලාපොරොත්තු වනබවත් ඒ සදහා අවශ්‍ය අරමුදල් එක්රැස් කරගැනීම සදහා අදිසිසුන් වත්මන් සිසුන්ගේ සහ දෙමවුපියන් ගේ සහයෝගය ලැබෙන බවද වැඩි දුරටත් පැවසිය.
විදුහල්පති මයිකල් ඩි වාස් සහෝදර තුමන් විසින් විදුහලේ ක්‍රීඩා සංගමයේ නිල වෙබ්අඩවිය එළිදැක්වීම ද සිදුවිය
මෙම අවස්ථාවට සහෝදර තුමන් ආදී සිසුන් ඇතුළු ආරාධිතයන් පිරිසක්ද එක්ව සිටියේය