කෝටි හතක මත්වෙන හතු චොක්ලට්… සිදුවේදී රේගු බාරයට

-

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සීදුව ප්‍රදේශයේ පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක්  තුලදී මිලියන 70 ක් පමණ වෙළදපොල වටිනාකමක් ඇතිබවට තක්සේරු කල විවිධ වර්ගවලට අයත් මත්ද්‍රවය අඩංගු පාර්සල් 9 ක් සොයාගෙන තිබේ.

මෙම පාර්සල් එක්ටසි නැමැති මෙතන්පිටමයින් අඩංගු මත් පෙති 2000 ක්  හා කුෂ්(kush )නැමැති ගංජා විශේෂය කිලෝග්‍රෑම් 4 ක් මැජික් මැෂ්රුම් (magic mushroom )නැමැති මත් ද්‍රව්‍ය අඩංගු හතු විශේෂයග්‍රෑම් 300  හා මත් ද්‍රව්‍ය අන්තර්ගත චොකලට්ද   තිබි ඇත .

මෙම පාර්සල් නෙදර්ලන්තය හා ඇමරිකාවේ   සිට කොළඹ , මහරගම  හා පිලියන්දල යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබිණි . පසුව සොයා බැලීමේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව අනාවරණයවී ඇතිබව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදන්ත සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම කුරියර් ආයතනයේ සිදුකරන ආවේක්ෂණ රාජකාරි වලදී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පරීක්ෂණ කටයුතු සඳහා නවතන ලදී පාර්සල් 9 ක් පිළිබද සිදුකල විමර්ශන වලින් අනතුරුව මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

පරීක්ෂණ කටයුතු අවසානයේ  මෙම මත්ද්‍රව්‍ය  වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය  මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here