උළුඅම්බලම පාපැදි සවාරියේ ප්‍රථමයා වරායේ චමෝද් සිල්වා

-

ශ්‍රීලංකා පාපැදි සම්මේලනයේ පුර්ණ අධික්ෂණය යටතේ කටාන උලුඅම්බලම වත්ත ෆ්‍රෙන්ඩ්ස් ක්‍රීඩා සමාජය සංවිධනයකල ලක්සිරි ධම්මික අනුස්මරණ විවෘත්ත රේසින් පාපැදිතරගයේ පළමු ස්ථානය වරාය අධිකාරිය නියෝජනය කල චමෝද් සිල්වා විසින් දිනාගත් අතර දෙවන හා තෙවන ස්ථාන යුධහමුදා කණ්ඩායම නියෝජනය කල අවිශ්ක දිල්නුවන් මැඩෝන්සා සහ වරාය අධිකාරිය නියෝජනයකල ජීවන් ජයසිංහ ක්‍රීඩකයා විසින් දිනාගනු ලැබිය.
ශ්‍රීලංකා පාපැදි සමමෙලනයේ පුර්ණ අධීක්ෂණයෙන් කිලෝමීටර් 160 ක දුරක් ගමන්කළ මෙම පාපැදි ධාවන තරගය 6 වන ඉරිදා පැවති අතර පැවතිඅතර දිවයින පුරා සිටින දක්‍ෂ පාපැදි ධාවකයන් 150 ක් පමණ තරගය සදහා සහභාගී විය.
ජයග්‍රාහකයන් 30 දෙනකු සදහා ත්‍යාග පිරිනැමීම සිදුවිය.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here