පිටිපන මහලෙල්ලමේ දී වෙඩි වැදුණු තරුණයා මියයයි

-

අද 12 දින උදැසන මිගමුව පිටිපනමහලෙල්ලමේ දී නාදුනන තුවක්කුකරුවෙකු  විසින් සිදුකරන වෙඩි තැබීමකින්  බරපතල තුවාල ලබා මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වතිබේ.

අංක 630 බී, උතුරු පිටිපන , මීගමුව ලිපිනයේ පදිංචි නයිදප්පුලාගේ ධනුෂ්ක අංජන උමයංග ප්‍රනාන්දු  නමැති 25 වියැති තරුණයෙකුමෙලෙස  මියගොස් ඇත.

අද උදෑසන 0915 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් මියගිය තරුණයාගේ හිසට වෙඩි තබා පලාගොස් ඇතිබව පොලිසිය පවසයි. මොහු ලෙල්ලමට පැමිණෙන වාහන වලින් මුදල් අයකිරීමේ රැකියාවේ නිරතව සිට ඇත.

දුන්ගාල් පිටිය පොලිසිය සිද්දිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here