30 C
Negombo
30 C
Negombo

කොරෝනාවෙන් ජනතාව රැකගන්න ජනාධිපති කල කාර්ය ඉතිහාස ගතවනවා -ප්‍රසන්න රණතුංග

-

බොහෝ බලවත් රටවල නායකයන් කොරෝනා වසංගතව අවස්ථාවේදී සිය
ජනතාව අතරමං කළද මෙරට ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ
ආණ්ඩුව රටත් ජනතාවත් රැක ගැනීම සදහා කරනු ලබන මෙහෙවර
ප්‍රශංසනීය බව දොඹවල ශ්‍රී සද්ධර්මගුප්ත පිරිවෙන් විහාරාධිකාරී බස්නාහිර
පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක, ශාස්ත්‍රපති පණ්ඩිත අති පූජ්‍ය
කොබ්බෑවල මේධංකර හිමියන් පවසති.
උන්වහන්සේ මේ බව සදහන් කළේ දිවංගත රෙජී රණතුංග මැතිතුමාගේ
84වන ජන්ම දින සැමරුම වෙනුවෙන් අද (22) උඩුගම්පල පැවති අත්‍යවශ්‍ය
භාණ්ඩ ලබා දීමේ වැඩ සටහනකට එක්වෙමිණි. සියලු සෞඛ්‍ය අංශ
උපදෙස් වලට අනුව මෙම වැඩ සටහන සංවිධානය කර තිබීම
විශේෂත්වයකි.
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති
ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිංකම සංවිධානය කර
තිබිණි.
මෙහිදී අනුශාසනාව කළ කොබ්බෑවල මේධංකර හිමිහියන් වැඩි දුරටත්
මේසේද පැවසූහ.
“ දිවංගත රෙජී රණතුංග මැතිතුමා ඉතාම ජනතාවාදී නායකයෙක්. එතුමා
දුර දක්නා නුවනකින් කටයුතු කල කෙනෙක්. එතුමාගේ දර්ශණය වුනේ
ජනතා සේවයම පමණයි. ඒ නිසයි රෙජී රණතුංග මැතිතුමාට ගම්පහ
මිනිස්සු තාමත් ආදරය කරන්නේ.
අද අපි මුහුණ දෙමින් සිටින්නේ බරපතල වසංගතයකට. පාස්කු ප්‍රහාරය
එල්ල වුන වෙලාවෙත් ඒ හිටපු අය කිව්වා ඒකත් ගෝලීය ප්‍රශ්ණයක්
කියලා. ඒත් ඒ වෙලාවේ ඒ ප්‍රහාරය එල්ල වුනේ අපේ රටට විතරයි.
හැබැයි අද අපි මුහුණ දෙමින් සිටින්නේ ගෝලීය වසංගතයකට.
බුදු හාමුදුරුවන්ගේ කාලේ මේ වගේ වසංගත තිබුනා ඕපපත්තිකාබාධා
කියාලා. මේවගේ රෝග හැදෙන හේතු 10ක් බුදුන් වහනසේ දේශනා කරලා
තියෙනවා. ඕපපත්තිකාබාධා හැදෙන්නේ මිනිස්සුන්ගේ නොසැලකිල්ලෙන්.
මේ වගේ වසංගත රෝගවලට බුදුන්ගේ කාලේ අභිවාතක රෝග කියලත්
කිව්වා. අභිවාතක රෝග කියන්නේ ස්පර්ශයෙන්, වාතයෙන් බෝවන රෝග .

මේ භායනක වසංගතය හැදුනාම ඒකට බේත් තිබුනේ නෑ. අන්තිමේදී
රජවරු කලේ මේ වසංගත රෝග හැදුන අය ගල් ගහල එලවපු එකයි.
නැත්නම් වෙනම කුටි වලට දාලා මැරෙන්න හරිපු එකයි. දැන් ඇමරිකාවේ,
එංගලන්තේ නායකයෝ ඒ රටවල ජනතාව අතහැරලා දාලා තිනෙවා වගේ.
රටේ නායකයෙකුගේ වගකීමක් තමයි ඕනෑම අර්බුධයකදී, වසංගතයකදී ඒ
රටේ ජනතාව රැක බලාගන්න එක. ඒ අතින් ශ්‍රී ලංකාවේ අපි
වාසනාවන්තයි. මේ කොරෝනා වසංගතයෙන් පීඩා විදින අපි පව් කරලා
තිබුනත් අපිව රැකගන්න පුලුවන් නායකයෙක් හිටපු එක අපි කරපු ලොකු
පිනක්.
මේ කොරෝනා වසංගතයෙන් අපේ රට, ජනතාව මුදාගන්න ජනාධිපතිතුමා,
අගමැතිතුමා කැබිනට් මණ්ඩලය කරන කැපවීම ප්‍රශංසනීයයි. මේ
ජනාධිපතිතුමා අගමැතිතුමා නොඉන්න අපට අත්වන ඉරණම හිතාගන්න
බෑ. කවදහරි දවසක කොරෝනා වසංගතය වෙලාවේ මේ රට, ජනතාව
ආරක්ෂා කරගන්න ජනාධිපතිතුමා කල කාර්යය භාරය ඉතිහාසයේ රන්
අකුරෙන් ලියවෙනවා, ඒක ඒකාන්තයි.”

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.