පොහොට්ටු ලොක්කන්ගේ සීතල යුද්ධයෙන් දුෂිත නිලධාරීන්ගේ කරලපැහේ

-

සුළු වර්ෂාවකදී පවා කටානේ විවිධ ස්ථාන නිවාස ජලයෙන් යටවීම නිසා විශාල පිරිසක්  පිඩාවට පත්වන අතර මෙය අහම්බෙන් ඇතිවූ තත්වයක් නොව ඇළමාර්ග අවහිරකරමින් අනවසර ඉදිකිරීම් සිදුකිරීම වගුරුබිම් ගොඩකිරීම් සහ ඇළමාර්ග පටු කිරීමට ඉඩදෙමින් කටාන ප්‍රදේශීය සභාවේ සිටි සමහර සභිකයන් ධුරධාරින් මෙන්ම නිලධාරී  දීර්ඝ කාලයක් තිස්සේ සිදුකල අනීතික කටයුතුවල ප්‍රතිපලයකි.

තමන් ජන්දයෙන් පත්කළ ප්‍රදේශයේ නියෝජිතයා ධුරධාරියා මෙම දුෂණ කටයුතුවලට ඍජුව සම්බන්දවී කටයුතුකරනබව දැනදැනම මේවා සිදුවන තෙක් වගේවගක් නොමැතිව බලාසිටි ජනතාව අදටද කරන්නේ  වැසි ජලයෙන් පිරුණු නිවසේ දුක් විදිමින් වැස්සට බැන බැන කාලය ගතකිරීමයි.

කටාන ප්‍රාදේශීයසභා බලප්‍රදේශය තුල සිදුකර ඇති අනවසර ඉදිකිරිම සහ ගොඩකිරීම් සිදුකිරීමට නිල හා නොනිල වශයෙන්  අවසර ලබාදුන් කුප්‍රකට නිලධාරීන් පිරිසක්ද සිටින අතර ඔවුන් අතර වසර 20 කට වැඩි කාලයක් කටාන ප්‍රාදේශීය සභාවේ එක දිගටම සේවයකරන නිලධාරීන් පිරිසක් ද සිටින බවද වර්තාවේ.

මෙම කුප්‍රටක නිලධාරීන්ට ලබාදෙන ස්ථානමාරුවීම් අවලංගු කරදෙන්නේ  කටානේ දේශපාලන කටයුතු සිදුකරන පොහොට්ටු වෙන් පත්වූ   දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලකයන් පිරිසක් වසින් බව සභාවේ අභ්‍යන්තර  ආරංචිමාර්ග පවසයි.

මෙම දේශපාලකයන් පිරිස අතර ඇති බල අරගලය හොදින් තේරුම්ගෙන ඇති මෙම කුප්‍රටක දුෂිත නිලධාරීන් තමන් අසවල් දේශපාලන ලොක්කා මැදිහත්වී ස්ථාන මාරුකර ඇතිබවත් එයට හේතුව ඔබතුමාට උදවුකිරිම බව දේශපාලඥයාගේ ප්‍රබල ආධාර කරුවෙකු සමග පැමිණ කරන ඉල්ලීම මත කිසිවක් සොයා නොබලා මාරුවීම සිදුකර ඇති බලධාරියටලබාදෙන දුරකථන ඇමතුමකින්  සිදුකරන ඉල්ලීම් මත මාරුවීම අවලංගු වනබවද දේශපාලන ආරංචි මාර්ගපවසයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here