30 C
Negombo
30 C
Negombo

ඇස් වාට්ටුවට එන්න කලින් දිනයක් වෙලාවක් වෙන්කරගන්නේ මෙහෙමයි

-

- Advertisment -
- Advertisement -

ජාතික අක්ෂි රෝහලේ සායන කටයුතු සඳහා පැමිණෙන රෝගීන් කලින් දිනයක්, වේලාවක් වෙන්කර ගෙන පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

රට විවෘත කිරීමත් සමඟ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු සමාජ දුරස්ථතාවය හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් භාවිතා කරමින් නැවතත් ආරම්භ කිරීම කර ඇත.

ඒ සඳහා ජාතික අක්ෂි රෝහලේ සායනය , සායනික ප්‍රතිකාර සේවා සිදු කරන විශේෂඥ වෛද්‍යවරයා සහ ඔහුට හිමි දුරකථන අංකයක් ද ජනතාවට ලබා දීමට රෝහල කටයුතු කර ඇත

නමුත් ඇදිරිනීතිය ලිහිල් කිරීමත් සමඟ සායනික ප්‍රතිකාර සඳහා දුරකථනයෙන් දිනයක්, වේලාවක් වෙන් කර නොගෙන විශාල ජනතාවක් සායනික ප්‍රතිකාර සඳහා ජාතික අක්ෂි රෝහලට පැමිණීම   නිසා රෝගී ජනතාවට නොයෙක් අපහසුතාවයන්ට මුහුන දීමට සිදුව ඇත.

එම නිසා අපහසුතාවයකින් තොරව සායනික ප්‍රතිකාර  ලබා ගැනීම සඳහා රෝගීන් පැමිණෙන විට පහත සඳහන් සායනික  දුරකථන අංක වලට කතා කර ඔබට ලබා දෙන දිනයට හා වේලාවට පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඩබ්.එල්.එල්.යු.සී කුමාරතිලක මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාමර අංක 01

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය)             – 011 7 682 741

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මානෙල් පැස්කුවල් මහත්මිය )     – 011 7 682 554

කාමර අංක 02

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය)         – 011 7 682 558

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීපා සිරිවර්ධන මහත්මිය)           – 011 7 898 301

කාමර අංක 03

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ගුණරත්න මහත්මිය)      – 011 7 682 391

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එම්.ඩී.එස් ගුණතිලක මහතා)        – 011 7 682 549

 

කාමර අංක 14

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ.ආර් දයාවංශ මහතා )             – 011 7 682 534

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චමීර බණ්ඩාර මහතා)                   – 011 7 682 564

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කූසුම් රත්නායක මහතා)              – 011 7 682 657

රෙටිනල් සායනය

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා )            – 011 7 898 344

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල මහතා)                 – 011 7 682 650

(අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය නලින්ද සමරකෝන් මහතා)         – 011 7 682 094

නවතම පුවත්

- Advertisement -

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.