මිගමුව නගරයේ ඇතැම් ස්ථානවල සහ කාර්යාලවල මෙන්ම සමහර ව්‍යාපාරික ස්ථානවල කොවිඩ් 19 න් ආරක්ෂා වීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශ විසින් ලබාදී ඇති උපදෙස් පිලිනොපදිමින් කටයුතුකිරිම නගරයේ මෙන්ම නගරයට පැමිණෙන ජනතාගේ සෞඛ්‍ය ආරක්ෂව අනතුරේ හෙළීමකි.
බොහෝ ස්ථානවල මීටරයේ දුර කෙසේ වෙතෙත් අගලකවත් දුරක් තබාගැනීමට උනන්දුවක් නැතිබවට මසුන් වෙළද පොල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශය උදාහරණ දෙකක් පමණි.
බොහෝ කාර්යාලවල සහ ව්‍යාපාරික ස්ථානවල සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නීතියෙන් ගැලවීමට බවද දක්නට ඇත.
අත්සේදීම සදහා ජල කරාම සවිකර තිබුනත් ජලය සබන් නැත ඒ දෙකම තුබුණත් අත්පිසදමා ගැනීමට කඩදාසි අත්පිස්නාවක් තබා නැත. රූපවාහිනියෙන් සෞඛ්‍ය ආරක්ෂිතව වෙලදකට්යුතු සිදුකරන බව පවසන සුපිරි වෙළද සැල්වල කථා වේ තරමට වැඩ නැත.
මිගමුව නගරයේ පවතින මෙම තත්වයකෙරෙහි නගරසභාවේ සෞඛ්‍ය අංශයේ මෙන්ම අනෙකුත් වගකිව යුත්තන්ගේ අවදානය කඩිනමින් යොමුනොවන්නේනම් එය බරපතල සෞඛ්‍ය ගැටලුවකට ඉඩදී වගකීම පැහැර හැරීමකි