31 C
Negombo
31 C
Negombo

කැපුන්ගොඩ ආරවුලක් බේරීමට ගිය 21 හැවරදී තරුණයා පිහි ඇනුමකින් ඝාතනය වේ

-

- Advertisment -

දුන්ගාල් පිටිය  පොලිස් වසමේ කැපුන්ගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැපුන්ගොඩ පමුණුගම ලිපිනයේ පදිංචිව සිටි ෂෙහාන් ජයතු ප්‍රමෝද්‍ය නමැති  21හැවිරිදි තරුණයෙකි.

බෝට්ටුවක් සම්බන්ධයෙන් කාලයක් තිස්සේ  දෙපාර්ශවයක් අතර   පවතින ආරවුලක් මත  (21) රාත්‍රී එම  දෙපිරිස ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

මිය ගිය තරුණයා මෙම ගැටුම බේරීමට ගිය අවස්ථාවේ තුවාල ලබා රෝහල් ගතකිරීමෙන් පසුව මියගොස් ඇති අතර මෘත ශරීරය මීගමුව රෝහලේ තැන්පත් කර ඇත.

මිගමුව පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් පරිදි දුන්ගාල් පිටිය පොලිස් ස්ථානාධිපති චමින්ද රණසිංහ මහතා ගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති ජයරත්න සිල්වා මහතා විසින්  පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම ගැටුමෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු මිගමුව මහරෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

නවතම පුවත්

- Advertisement -

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.