28 C
Negombo
28 C
Negombo

හරින් ප්‍රනාන්දු කාදිනල් හිමියන්ට වෛරකරන හේතුව හෙළිවේ

-

- Advertisment -

අගරදගුරු  අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පිලිබදව සමගි ජ්නබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂක හරින් ප්‍රනාන්දු මහතා සිදුකර ඇති දේවේශ සහගත ප්‍රකාශය තරයේ හෙලාදකින බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ  ගම්පහ දිස්ත්‍රික් නියෝජය නායක නිමල් ලාන්සා මහතා පවසයි.

අද 22 දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ  මහතා මේ බව පැවසිය.

පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් ගැලවෙන්නට යහපාලන ආණ්ඩුවට මෙන්ම එහි  නායකයන්ට නොහැකි බවත් තේරීම් කාරක දමා ප්‍රහාරයේ වගකීමෙන් පැන යාමට උත්සාහ කලත්  පාස්කු ප්‍රහාරය පිලිබදව සොයාබලන ජනධිපති කොමිසමේදී  හෙළිවන කරුණු අනුව පාස්කු ප්‍රහාරය සිදුවන බව කල් ඇතිව දැනුවත්ව සිටියත් ආණ්ඩු ක්‍රියාත්මක නොවූ නිසා මෙම ප්‍රහාරය එල්ලවූ බවත් තාත්තා කල දැනුම්දීම ජනතාවට නොදන්වූ හරින් ප්‍රනාන්දු මහතාට ද දඩුවම් කලයුතු බවද නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

හරින් ප්‍රනාන්දු මහතා කාදිනල් හිමිපාණන් ගැන සිදුකල ප්‍රකාශය පිලිබදව සමගිජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දරන මතය දැනගැනීමට කැමතිබව ප්‍රකාශකළ නිමල් ලාන්සා මහතා ම්ලේච්ච පාස්කු බෝම්බ ප්‍රහාරයෙන්  මියගියේ සහ  තුවාල ලැබුවේ කතෝලික ජනතාව බවත් කතෝලික ජනතාවගේ නායකයා වශයෙන් පාස්කු ප්‍රහාරයෙන් මියගිය තුවාල වූ ජනතාවට සාධාරණය ඉටුවිය යුතුබවට ප්‍රකාශකිරිම වරදක් දැයි සජිත් ප්‍රේමදාස මහතාගෙන් දැනගැනීමට කැමති බවද පැවසිය.

සමගි ජනබලවේගය නියෝජනය කරන සමහර ජාතිවාදී  පක්ෂවල නායකයන් පාස්කු ප්‍රහාරකයන්ට උදවු උපකාර කලබවට සමාජ මතයක් ඇතිබවත්  කාදිනල් හිමිපාණන්ට අපහාස කර  එම අශුද්ධ සන්ධානය බේරා ගැනීමට අසාර්ථක  උත්සාහයක යෙදෙන අයට අගෝස්තු 5 වනදා ජනතාව හොද පාඩමක් උගන්වබවද නිමල් ලාන්සා මහතා තවදුරටත් කියාසිටියේය…

නවතම පුවත්

- Advertisement -

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.