31 C
Negombo
31 C
Negombo

සිදුවේදී 62 හැවරදී කාන්තාවකට ක්‍රිකට් පිත්තකින් ඔළුවට පහරදී 69000 ක් මංකොල්ල කයි

-

- Advertisment -

ක්‍රීඩා භාණ්ඩ  මිලදී ගැනීමේ මුවාවෙන් සිදුව නගර සාභාවේ වෙළද සංකීර්ණයේ  ක්‍රීඩා භාණ්ඩ අලවි සැලකට පැමිණ එහි සිටි එම ආයතන හිමිකාරියටක්‍රිකට් පිත්තකින් හිසට   පහරදී බරපතල තුවාල සිදුකර රුපියල් 69000 දහසක් කොල්ල කා පලාගිය  කොල්ලකරු හදුනාගැනීමේ පෙරෙට්ටුවේදී 62 හැවරදී ආයතන හිමිකාරිය විසින් හදුනාගැනීමට සමත්විය .

මිගමුව  වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දිකද සිල්වා මහතා ඉදිරියේ මෙම හදුනා ගැනීමේ පෙරෙට්ටුව පැවැත්විණි.

මෙහි සැකකරු වුයේ හෝමාගම පදිංචි වත්සල උදයජිත් නමැති එක්දරු පියෙකි

මොහු රැකියාවට පැමිණ කටුනායක ප්‍රදේශයේ බෝඩිමක නතරවී සිටින අතර කැසිනෝ ක්‍රීඩාවට ඇබ්බැහිවූ අයෙකි.මුදල් කොල්ලකා පලාගිය මෙම සැකකරු බදුල්ල ප්‍රදේශයේ සැගව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරෙට්ටුවෙන් අනතුරුව සැකකරු මිගමුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට වැඩබලන මහේස්ත්‍රාත් වරයා නියෝගකළේය.සිදුව පොලිසියේ පොලිස් කොස්තාපල් 68410 නිරෝෂන් සහ සැරයන් 51717 හරිස්චන්ද්‍ර යන නිලධාරීන් පැමිණිල්ල මෙහෙයවිය.

නවතම පුවත්

- Advertisement -

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.