31 C
Negombo
31 C
Negombo

අත්බෝම්බයක් සමග කප්පම් කල්ලියක් මීගමුවේදී අත්අඩංගුවට

-

- Advertisment -
- Advertisement -

මීගමුවේ පාන්කඩ හන්දියේ බටහිර ඖෂධ අලවි සැලක හිමිකරුවෙකු ගෙන් කාලයක් තිස්සේ  මාස් පතා  රුපියල් 30000 බැගින් කප්පම් ලබාගත්  තිදෙනෙකුගෙන්  යුත් කල්ලියක් මිගමුව කොට්ටාශයේ නොවිසිදුනු අපරාධ ඒකකය විසින් අද 30 දින අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 30 වියැති සහ 32 හැවරදී කදිරානේ  ඇටබගහ වත්තේ පදිංචි කරුවන් දෙදෙනෙකු සහ මිගමුව රාහුමනා බාත් හි පදිංචි 42 හැවරදී අයෙකි.

මෙම තිදෙනාගෙන් එක් අයෙකු යුද හමුදාවේ ස්ව්ච්ජා සේවයේ නිරතවී ඇති අතර ඔහු හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු ලෙස පෙනිසිටිමින් මෙම කප්පම් කල්ලිය මෙහෙයවා ඇතිබව වාර්තාවේ

ෆාමසි හිමිකරු විසින් වට්ටෝරු නොමැතිව වේදනානාශක අලවිකරණ බවට  වාර්තා වී ඇතිබවත් එය ඉහලට වාර්තා නොකිරීම සදහා මාසිකව රුපියල් 30000 බැගින් ගෙවන ලෙස කප්පම් කල්ලි සාමාජිකයන් විසින් ව්‍යාපාරිකයාට  තර්ජනය කර ඇති අතර බියට පත් ව්‍යාපාරිකයා විසින් මාසිකව රුපියල් 30000 බැගින් කප්පම් ගෙවා ඇත

මිගමුව කොට්ටාශයේ  පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව  මේ පිලිබදව විමර්ශන  සිදුකරන ලෙස නොවිසිදුනු අපරාධ ඒකකයට දැනුම්දී ඇත.

නොවිසිදුනු අපරාධ ඒකකයේ  ස්ථානාධිපති  පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා මෙහෙයවීමෙන් විමර්හන කටයුතු සිදුකර කප්පම් කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා අවශ්‍ය සැලසුම් සකස්කර ඇත.

මෙම මාසයේ   කප්පම් මුදල ලබා ගැනීමට සැකකරුවන් අද පැමිණෙන බවට ලැබුණු තොරතුරකට අනුව සිවිල් ඇදුමෙන් සැරසුණු නිලධාරීන් ෆාමසිය තුල සහ ඒ අවට රැකසිට  කප්පම් කරුවන් මුදල් ලබාගන්නා    ලබාගන්නා අවස්ථාවේදීම කොටුකරගෙන ඇත.

 

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී විදෙස් රටක නිෂ්පාදිත ජිව අත්බෝම්බයක් ද සැකකරුවන් සන්තකයේ  තිබී ඇත.

සැකකරුවන් මිගමුව මුලස්ථාන පොලිසිය වෙත බාරදී ඇත.

මෙම වැටලීමට සහ විමර්ශන කටයුතු සදහා පොලිස් පරීක්‍ෂක ඉන්දික උපපොලිස් පරීක්‍ෂක සරත් පොලිස් සැරයන්වරුන්වන 52609 ජයකොඩි 4866 බණ්ඩාර 39096 සුගත් 2309 සම්පත් ප්;පොලිස් කොස්තාපල්වරුන් වන 37928 වන්නිනායක 75480 ධම්මික 79452 බුද්ධික 82756 ගයාන් 76336 රංග සහ පොලිස් රියදුරු 3644 මඩවල යනනිලධරින්ද සහභාගිවී ඇත

නවතම පුවත්

- Advertisement -

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.