26.5 C
Negombo
26.5 C
Negombo

මුදල් නැත්නම් සොහොන් කොත්ඉවත්කරනවා -මීගමුවේ සුසාන භූමියක දැන්වීම් අලවලා

-

මෙම ජයාරුපයෙන්  දැක්වෙන්නේ මීගමුවේ පිහිට සුසාන භූමියක සොහොන් කොත්වල අලවා ඇති දැන්වීමකි එහි සදහන් පරිදි

“මෙම සිහිවටනය සදහා මෙතෙක් මුදල් ගෙවා නොමැති බැවින් අදාළ මුදල් ගෙවා සහයෝගය ලබා දෙන්න. තවද මෙම වසර අවසන්වීමට ප්‍රථම මේසදහා අයිතිකරුවන් ඉදිරිපත්නොවන්නේනම් නිසි  ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනබව මෙයින් දන්වා සිටිමු ”

මෙම දැන්වීමේ ඉල්ලීමක් සමග තර්ජනයක් ද සිදුකර ඇතිබව ප්‍රදේශ වාසින් පවසයි මේ පිලිබදව තොරතුරු වාර්තාවීමෙන් පසු ඇප මෙම සුසාන භූමියට ගොස් මේ පිලිබදව අධ්‍යනයක් කල අතර මෙසේ දැන්වීම් අලවා ඇති සමහර සොහොන් කොත් වසර 50 හකට වඩා පැරනිබව දක්නට ලැබුණි.මේ සොහොන් කොත අවිවාහක පුද්ගලයෙකු ගේ හෝ කුඩා කල මියගිය පවුලේ එකම දරුවාගේ සොහොන් කොතනම් මේ වනවිට ඔහුගේ දෙමවුපියන් ද මියගොස් ඉදිරිපත් වීමට කෙනෙකු නැතිවීමට ද ඉඩකඩ ඇත.

මෙම දැන්වීමේ සදහන් තර්ජනය වන්නේ “මෙම වසර අවසන්වීමට ප්‍රථම මේසදහා අයිතිකරුවන් ඉදිරිපත්නොවන්නේනම් නිසි  ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනබව මෙයින් දන්වා සිටිමු  “.

මේ මගින් ව්‍යංගයෙන් ප්‍රකාශ කරන්නේ මුදල් නොගෙවුවොත් සොහොන් කොත කඩා ඉවත් කරනබවයි.

මේ දැන්වීම පිලිබදව අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙක් පැවසුයේ මෙවැනි කටයුතු අනුමැත කරන කණ්ඩායම් වලට ආශීර්වාද කිරීම කණගාටුවට කරුණක් බවයි

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.