28 C
Negombo
28 C
Negombo

මිගමුව බන්ධනාගාරයට කුඩු සපයන ප්‍රධාන සැකකරුවෙක් ජාවාරම් කරුවන් 4 ක් රුමතියන් දෙදෙනෙක් අත්අඩංගුවට

-

මිගමුව බන්ධනාගාරය තුලට මත්ද්‍රව්‍ය  දුරකථන ඇතුළු තහනම් භාණ්ඩ ලබාදෙමින් ගම්පහ දිස්ත්‍රිකය  තුල සුරූපී තරුණ කාන්තාවන්  යොදාගනිමින්  මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙයවූ පුද්ගලයෙකු සහ ඔහුසමග එම ජාවාරමේ යෙදුනු හත්දෙනෙකුගේ කණ්ඩායමක් රුපියල් කෝටියකට අධික වටිනා කමක් ඇති හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සහ මුදල් සමග මිගමුව කොට්ටාශයේ නොවිසදුනු අපරාධවිමර්ශනඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් මත්කුඩු ප්‍රමාණය ග්‍රෑම් 127.ක් සහ මිලිග්‍රෑම් 75 ක් වන අතර ගංජා කිලෝග්‍රෑම් 4 ක් මත්පෙති 300 ක් අත්අඩංගුවට ගෙන ඇතිඅතර . මත්ද්‍රවය ප්‍රවාහනය සදහා යොදාගත් සුඛෝපභෝගී නවමදිලියේ මෝටර් කාරයක් යතුරු පැදියක් 173000 /-මුදලක් ලක්‍ෂ 50 ක වටිනාකමට ලියන ලද චෙක්පත් සහ ප්‍රධාන  සැකකරු විසින් පෞද්ගලික බැංකු තුනක ගනුදෙනු සදහා යොදාගත් චෙක් පොත් සහ බැංකු තැන්පත් කුවිතාන්සිද ජංගම දුරකථන9ක්     පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මිගමුව බන්ධනාගාරයේද සහයෝගය ඇතිව නොවිසදුනු අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් විසින් රහසිගතව සිදුකල මෙහෙයුමකදී බන්ධනාගාරය තුලට මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් භාණ්ඩ විසිකිරීමේ යෙදුනු බන්ධනාගාර තාප්පය  අසල පදිංචි කරුවෙකු වන 34 හැවරදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකල ප්‍රශ්නකිරීම් වලදී අනාවරණය වූ තොරතුරුමත අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි  ප්‍රධාන සැකකරු කලක් ජපානයේ සිට පැමිණි අයෙකුබව්ත් ඔහු එත්තුකාලේ පිහිටි හෝටලයක  නැවති සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇතිබවත් මෙතෙක් සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇතිබව පොලිසිය පවසයි.

මෙම හෝටලය කුලියට ගෙන පවත්වාගෙන ගෙන ගිය පුද්ගලයාද මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ සැකකරුවෙකු බවද විමර්ශන වලදී අනාවරණය වී ඇතිඅතර ඔහුද  අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය ආරක්ෂිතව තැන්පත්කර තබාගැනීම සිදුකර ඇත්තේ පහල කදිරානේ රන්කරුවෙකුගේ නිවසක වන අතර ඔහුද අත්අඩංගුවට පත්ව ඇත.

වයස 28 ක් සහ 21 ක් වන කාන්තාවන් දෙදෙනා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා යොදාගෙන ඇතිඅතර ඔවුන්ගේ නිත්‍යානුකූල ස්වමිපුර්ෂයන් මත්ද්‍රව්‍ය චෝදනාවලට බන්ධනාගාර ගතව සිටින බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ට නියෝජය පොලිස්පති දේශබන්දුතෙන්නේකොන් මහතාගේ නියෝගයකට අනුව බස්නාහිර උතුර බර නියෝජය පොලිස් පති ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකල මෙම වැටලීම මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ මෙහෙයවීමෙන් මිගමුව කොට්ටාශයේ නොවිසදුනු අපරාධවිමර්ශනඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සම්පත් දිසානායක පොලිස් පරීක්‍ෂක ඉන්දික කුමාර උපපොලිස් පරීක්‍ෂක සරත් පොලිස් සැරයන්වරුන් වන 52609 ජයකොඩි 2309 සම්පත් 36990 සුගත් 60490 සෙනවිරත්න 4866 බණ්ඩාර  පොලිස් කොස්තාපල්වරුන් වන 76336 රංග 79452 බුද්ධික 74480 ධම්මික 79996 වීරසිංහ 37928 වන්නිනායක කාන්තා පොලිස් කොස්තාපල් 4625 අනුලා සහ පොලිස් රියදුරු 3644 මඩවල යන නිලධාරින්ද මෙම විමර්ශන කටයුතු සදහා එක්විය.

වැඩිදුර විමර්ශන වලින් පසුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අත්අඩංගුවට පත්  මත්ද්‍රව්‍ය මුදල් සහ මෙහෙයුම සිදුකල පොලිස් නිලධාරීන් ජයරුපවලින් දැක්වේ

 

 

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content