10 වෙනිදා සිට පදිංචිය සහතික කිරීමේ ග්‍රාම නිලධාරි සහතිකයට ප්‍රාලේකම් අත්සන නවති

-

පදිංචිය සහතික කිරීම සඳහා ග්‍රාම නිලධාරිවරයා විසින් ලබාදෙනු ලබන සහතිකය මින් ඉදිරියට ප්‍රදේශිය ලේකම්වරයා විසින් සහතික කිරීමක් සිදු කිරිමක් අවශ්‍ය නොවන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් නිකුත් කළ නව චක්‍ර ලේඛනයේ සදහන් වේ.

අදාළ පදිංචි කිරීම, සනාථ කිරීම සඳහා ලබාදෙන සහතිකය ග්‍රාම නිලධාරිවරයා පමණක් සහතික කිරීම ප්‍රමාණවත් වන බවත්,මහජනතාවට මේ හේතුවෙන් සිදු වන අපහසුතාවයන් මඟ හරවා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යාංහය සඳහන් කරයි.

මෙම මේ පිළිබඳව නිකුත් කළ චක්‍රලේඛනය මාර්තු 10 දා සිට වලංගු වේ.

ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලින් ග්‍රාම නිලධාරින් ග්‍රාම නිලධාරින්ට පදිංචි සහතික පොත් සහ චරිත සහතික පොත් නිකුත් කළ යුත්තේ එම පොත්වල සැම සහතිකයක් ම ග්‍රාම නිලධාරි කොට්ටාසය දැක්වෙන මුද්‍රාව තැබිමෙන් අනතුරුව පමණක් බව ද චක්‍රලේඛනයේ සඳහන් වේ.

මේ සඳහා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නම හා ග්‍රාම නිලධාරින් කොට්ඨාසයේ නම ඇතුළත් මුද්‍රාවක් සකස් කර තිබිය යුතු අතර එය සකසන තුරු දැනට භාවිත කරන මුද්‍රාව භාවිත කළ යුතු බවට උපදෙස් ලබාදී තිබේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here