28 C
Negombo
28 C
Negombo

ලාන්සා මනාප සටනට එක්වන්නේ 60000 ක ස්ථාවර මනාප සංචිතයක් අතේ තබාගෙනයි – බැසිල් රාජපක්ෂ

-

පළාත්පාලන මැතිවරණයෙන් ශ්‍රීලංකා පොදුජනපෙරමුන ජයග්‍රහණය කලේ එවකට සිටි අගමැතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේත් දේශපාලනපක්‍ෂ  දෙකම ප්‍රජයකරමින් බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි .

ඒ මහතා මේබව පැවසුවේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නියෝජ්‍ය නායක නිමල් ලාන්සා මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සදහා මීගමුවේ  ගෝල්ඩ් ස්ටාර් හෝටලයේ පැවති  කාන්තා  හමුවඅමතමිනි.මිගමුව සහ කටාන මැතිවරණ බලප්‍රදේශ දෙකෙහි කාන්තා සංවිධානවල නිලධාරිනියන් මෙම අවස්ථාවට සහභගීවිය

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල  බැසිල් රාජපක්‍ෂ මහතා දිවිනගුම අරම්භාකලේ කාන්තාව සවිබල ගන්වා ගෘහයේ ආර්ථිකය ඉහළ දැමීමට බවද සදහන් කළේය

එමෙන්ම කාන්තාවන්වෙනුවෙන්  කරන්න පුළුවන් හොදම  උපහාරය අනාගත පරපුර මත් උවදුරෙන්  මුදගැනීම සහ   පාතාලය මර්ධනය කර බියෙන් සැකෙන් තොරව ජිවත්විය හැකි සමාජයක් ඇතිකිරීම බවද ඒ සදහා ජනාධිපතිතුමාට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා දීම ජනතාවගේ වගකීමක් බවද පෙන්වාදුන්නේය.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා සියලුම දරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබාදීම මෙන්ම මීලග ජනාධිපතිවරණයට පෙර සියළු නිවාසවලට පානීය ජල සම්බන්ධතා ලබාදීමට කටයුතු කරන බවද පැවසූ බැසිල් රාජපක්ෂ මහතා සෑම දරුවෙකුටම ආරක්‍ෂිතව ජිවත්විය හැකි පරිසරයක් ඇතිකිරීමට නිසරුවී ඇතිමෙරට මහපොළව යලි සරුපසක් කිරීමට පියවර ගන්නා බවද පැවසිය.

හිටපු අමාත්‍ය  ලාන්සා මහතාගේ ගමපහ දිස්ත්‍රිකයේ ඇති  කාන්තා  සංවිධාන සමග තමාට දිගුකලක සිට සම්බන්ධතා ඇතිබවත් එහි ශක්තිය පිලිබදව  තමාගේ තක්සේරුව අනුව එම සාමාජිකාවන්ගේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් 60000 සකට වැඩි මනාප සංඛ්‍යාවක් ඔහු ලබාගන්නා බවත් ඒ අනුව ලාන්සා මහතා මනාප සටානට අවතීරණය වන්නේ 60,000  ක ස්ථාවර  මනාප සංචිතයක් සමග බවද බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content