28 C
Negombo
28 C
Negombo

මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක් අවධානයෙන් සිටින්න

-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ කාලගුණ අනාවැකියට අනුව

දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ තරමක වැඩිවීමක් ජූලි මස 28 දින සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කල හැක.

බස්නාහිරසබරගමුවදකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැක.

ඌව පළාතෙත් ත්‍රිකුණාමලය, මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරුඋතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත්, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මි. 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

කළුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී. වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content