28 C
Negombo
28 C
Negombo

සෞභාග්‍යයේ දැක්ම” -දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරනවා -ජනපති

-

සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බලය සහ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහය දෙන්නැයි ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටී.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා නිකවැරටිය පොළ භූමියේ පැවති ජන හමුවට සහභාගී වූ අවස්ථාවේ එසේ ප්‍රකාශ කළේය. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් එය සංවිධාන කර තිබිණ.

ජනහමුවට වැඩම කර සිටී මහ සංඝරත්නය ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කරමින් එතුමාට සෙත් ප්‍රාර්ථනා කළහ. පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පත් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණය ඉහළින් අගය කළ පෙර පාසල් ගුරුවරියෝ පිරිසක් එය දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනයට ගත් දැවැන්ත පියවරක් බව පැවසූහ.

නිකවැරටිය ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි සිසුන් පිරිසක් කළ ඉල්ලීම වහා ඉටුකරන මෙන් ජනාධිපතිතුමා යුද හමුදාපතිවරයාට දැන්වීය.  මහව සති පොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා ප්‍රදේශයේ ජනතාව මුහුණ පාන ප්‍රධාන ගැටළුවක් වන වන අලි තර්ජනයට ස්ථිර විසදුමක් දීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. මහව මංසන්ධියේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම, සංස්කෘතික චතුරශ්‍රයේ ඉදිකිරීම්, ඉඩම් සහ ජල ප්‍රශ්න පිළිබඳව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ.
පාසල් දරුවෙක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග ලෙස මුදල් කැටයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. අපේක්ෂක තාරානාත් බස්නායක මහතා ගල්ගමුව යූ.බී. වන්නිනායක ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. වන අලි තර්ජනය, ගල්ගමුව රෝහලේ අඩු පාඩු සහ බස් රථ හිඟය ආදි ගැටළු නිසා ගම්මාන කිහිපයක ජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබදව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ.

ගල්ගමුව සිට මීගලෑවට යන අතරමග දෙපස රැස්ව සිටී ජනතාව සමග ද ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත විය. මීගලෑව ජාතික ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට රැස්ව සිටී ජනතාව මහත් හරසර පුද කළහ.
ප්‍රදේශයේ මාර්ග සහ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි ඔවුහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. අසු හැවිරිදි කිරිබණ්ඩා මහතා තමා එකතු කරගත් රුපියල් 5,000ක මුදලක් කොවිඩි අරමුදල සඳහා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. වාරියපොළ වැව ගෙදර ඉඩමේ සංවිධාන කළ ජන හමුවට සහභාගි වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාව සමග සුහද කතා බහක නිරත විය. ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කළ “පඩුවස්නුවර සංවර්ධන සැලැස්ම” ක්‍රියාත්මක කිරීමට සහය දෙන බව හෙට්ටිපොළ සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගීවෙමින් ජනාධිපතිතුමා පැවසීය.

ඉඩම් පැවරීමේ දී නිසි ලෙස මැණුම් සිදු නොකිරීම සහ ඔප්පු නොලැබීම පිළිබඳව ගම්මාන රැසකදී ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ. විධිමත් විමර්ශනයක් සඳහා කමිටුවක් පත් කර ඊට විසඳුම් දෙන බව රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.
ගොවි ජනතාවගේ පහසුව උදෙසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරන්නැයි ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළහ. හෙට්ටිපොළ මහජන ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන
හමුවට ද ජනාධිපතිතුමා සහභාගි විය. නිලධාරීන්ගේ නොසැළකිල්ල නිසා අස්වැද්දීමට නොහැකිව ඇති කටුපොත, හේනේගම අක්කර 400ක පමණ කුඹුරු වගාවට යොදා ගැනිමට අවස්ථාව සලසන්නැයි ජනතාව ජනාධිපතිතුමාට කියා සිටියහ. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අවස්ථාවන්ට සහභාගී විය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content