28 C
Negombo
28 C
Negombo

ඩෙංගු යලි හිස ඔසවයි – ගම්පහ අධි අවදානම් දිස්ත්‍රික්කයක් වෙයි

-

පවතින වර්ෂා සහිත කාලගුණය සමග  දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකම ඩෙංගු රෝගීන් වැඩි වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.

වැඩි අවදානම් ප්‍රදේශවල මේ වර්ෂයේ ප්‍රථම කාර්තුවට වඩා දෙවන කාර්තුවේ කීට විද්‍යා දර්ශකවල  විශාල වැඩිවීමක් පෙන්නුම් කිරීම අවධානයට ලක් විය යුතු කරුණක් බව සෞඛ්‍ය අංශ පවසති.

මේ අතර, කොළඹ මහ නගර සභා සීමාව තුළ ආයතන අතරින්, ආයතන 50% කට වැඩි සංඛ්‍යාවකම ඩෙංගු මදුරු කීටයින් හමුවී ඇති බව වාර්තා වේ.

නිසි පරිදි අවශ්‍ය මදුරු මර්දන කටයුතු සිදු නොකළහොත් මෙම අවදානම් තත්ත්වය වර්ෂාවත් සමගම තවදුරටත් ඉහළ යා හැකි බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වාදෙයි.

මේ වන විට හඳුනාගත් අධි අවදානම් සහිත දිස්ත්‍රික්ක හා ප්‍රදේශ ලෙස කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක ප්‍රධාන වෙයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content