28 C
Negombo
28 C
Negombo

හිරගෙදර සිට රාජ්‍ය නායකයට මරණ තර්ජන කරන්න පාතාලයට බලය ලැබුන හැටි …….දැනගන්න …..

-

රටේ ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා බන්ධනාගාර කොමසාරිස්වරයා මරාදමන බවට තර්ජනය කිරීමට  බන්ධනාගාර ගතවසිටින අපරාධකරුවන්ට බලය ලැබුනේ කෙසේදැයි දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇතිබවත් සත්‍ය තොරතුරු වාර්තා කිරීම මාධ්‍ය වේදීන්ගේ කාර්යක් බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අද මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවසිය.

අතිරේක  සොලිසිටර් ජෙනරාල්වරයා මෙම කරුණු අනාවරණය කලේ මිගමුව බන්ධනාගාරයේ හිටපු නිලධාරී හතරදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා නිකුත්කර ඇති වරෙන්තු පිළිබද අද සිදුකල වරෙන්තුවාර්තා කැදවීමේ විභාගයේදීය.

වරෙන්තු  ලබාසිටින පළමු සැකකරුවන වැඩ තහනමට ලක්ව සිටින, මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා ට එරෙහිව නිකුත්කර ඇති වරෙන්තුව පිලිබදව ඔහුවෙනුවෙන් පෙනිසිටිමින් කරුණු දැක්වූ ජනාධිපති නිතිඥ උපුල් ජයසුරිය මහතා වරන්තු නිකුත්කර ඇත්තේ සමපුර්නයෙන්ම නිතිය සහ කරුණු වරදවා වටහා ගැනීමෙන් මේ කරන්නේ මාධ්‍ය සංදර්ශනයක් යයි විවෘත අධිකරණයේදී  සිදුකල කරුණු දැක්වීමට පිළිතුරු දෙමිනි

මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දිකද සිල්වා මහතා ඉදිරයේ මෙම නඩුව කැදවනු ලැබුණු අතර අද දිනයේද වරෙන්තු ලබාසිටි දෙවන සහ තුන්වන සැකකරුවන් වන  ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න යන අය නීතිඥ වරු මගින් අධිකරණයට ඉදිරිපත්ව තිබුණි.

වැඩිදුරටත් විවෘත අධිකරණයේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස්මහතා වරෙන්තු නිකුත්කර අදට දිනහතක් ගතවී ඇතිබවත් වරෙන්තුකරු අලුත්කඩේට පැමිණ දිවුරුම් පෙත්සමක් අත්සන් කර ගොස් ඇතිබවත් මෙම වරෙන්තු කරු අත්අඩංගුවට නොහැකිවූ හේතුව පොලිස්පතිවරයා අධිකරණයට කැදවා විමසිය යුතුබවත් පැවසිය .

පළමු සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නිතිඥ උපුල් ජයසුරිය මහතා වරන්තුවැ ආපසු කැදවන ලෙස කල ඉල්ලීමත් බාරවූ සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇපපිට මුදාහරිනයි ඔවුන්වෙනුවෙන් පෙනීසිටි දන්ත නිරංජන සහ සංජය එදිරිසිංහ මහතා ඇතුළු නීතිඥවරුන් විසින් සිදුකල ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කල වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා සැකකරුවන් අගෝස්තුමස 4 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස්    අධිකාරී මෙරිල් රන්ජන් ලමාහේවා මහතා ඇතුළු නිලධාරීන් පැමිනිල්ලට සහයවිය.

රිමාන්ඩ් කල බන්ධනාගාර  නිලධාරීන්  බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු ජායාරුපයෙන් දැක්වේ

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content