28 C
Negombo
28 C
Negombo

ගුවනින් යන්න හැදු කිරි ඉබ්බන් පැටවුන් 300 ක් ගෙනා ව්‍යාපාරිකයාට ඇප

-

සුක්ෂම ලෙස හසුරා කිරි ඉබ්බන් පැටවුන් 300 ක් ව්නස්තව හා වෘක්ෂලතාආඥාපනත ට පටහැනිව කටුනායක ගුවන්තොටුපොලෙන්  ඩුබායි වෙත යැවීමට උත්සාහ ගැනීමේදී අත්අඩංගුවට ගෙන මිගමුව අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබු පුත්තලමේ ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගල ඇප දෙකක් මත මුදාහැරීමට මිගමුව අතිරේක දිසාවිනිසුරු ටි එන් එල් මහවත්ත මහත්මිය නියෝගක්ලේය .

ජ්‍යෙෂ්ට නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා ගොනුකළ මෝසමක් මගින් මෙසේ ඇප මත මුදාහරිනු ලැබුවේ පුත්තලමේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවකියන හිල්මි මුර්ෂින් නමැත්තෙකි.

නිතිවිරෝධිව ඩුබයිවෙත යැවීම සදහා සුක්‍ෂමලෙස පෙට්ටිවල අසුරා ගෙන එමින් සිටි කිරි ඉබ්බන් කටුනායක ගුවන්තොටුපොළ මාර්ග බාධකයේ රාජකාරියේ යෙදීසිටි ගුවන් හමුදා නිලධාරී විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන හා අධිකරණ කටයුතු සදහා ගුවන් තොටුපොල පොලිසියට බාරදී තිබිණි.

 

විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ට නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා කරුණු දැක්වූ අතර කටුනායක ගුවන් තොටුපොල පොලිසිය පැමිණිල්ල මෙහෙයවිය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content