30 C
Negombo
30 C
Negombo

ඉතිහාසගත වාර්තාවක් තබමින් සම්පයෝ හෙට දක්වා රිමාන්ඩ් වේ

-

අත්අඩංගුවේ සිටින වරෙන්තුකරුවෙකු පොලිස් ජීප්රථයක පිටුපස අසුනේ අසුන්ගෙන අත්විලංගු නොමැතිව පොලිස් නිලධාරීන් බලාසිටියදී  මාධ්‍ය අමතනු මෙරටේ ඉතිහාසයේ පලමු වතාවට ඊයේ විද්යුත්  මාධ්‍ය වලින් දැකගන්නට ලැබුනුබව නියෝජ්‍ය සොලිසිටර්ජෙනරාල් දිලීප පිරිස් මහතා 3 දින මිගමුව මහේස්ත්‍රාත්  අධිකරණයේදී පැවසිය.

වරෙන්තු ලැබ අධිකරණය මගහරිමින් සිටි වැඩතහනමට ලක්වසිටින මිගමුව බන්ධනාගාරයේ හිටපු  අධිකාරී අනුරුද්ධ සමපයෝ මහතා    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මිගමුව මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතහමුවට පමුණුවන ලද අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් දිලීප පිරිස් මහතා මේබව පැවසිය.

අධිකරණයේ කටයුතු විනිවිද භාවයෙන් කෙරෙන්න ඕන මාධ්‍ය වේදීන් කරන්නේත් ගෞරවනීය කාරයක් මේ නඩුව වාර්තාකිරීමට පැමිණි විද්‍යුත් මාධ්‍ය වේදීන්ට වෙනදා නැති තහන්චියක්  පනවල උසාවි භූමියට ඇතුළුවීමට පොලිස් නිලධාරීන් අවසර දී නැහැ ඔවුන්ට  වැටවල්වල එල්ලී      වාර්තා කිරීමට  සිදුවෙලා මේ කරුණ  ප්‍රධාන මහේස්ත්‍රාත් තුමියගේ අවදානයට යොමුකරනලෙස ඉල්ලසිටිනවා යයිද නියෝජ්‍ය සොලිසිටර්ජෙනරාල් වරයා වැඩබලන මහේස්ත්‍රාත් වරයාගෙන් ඉල්ලීමක් කළේය.

සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ කැලුම් කුමාරසිංහ මහතා තමන්ගේ සේවා දායකය පොලිසිය විසින් අත්අඩංගුවට නොගත් බවත් ඔහු පොලිසියට බාරවුබවත් පොලීසිය විසින් අත්අඩංගුවට පත්වුබවට පලවන වාර්තා නිවැරදි නොවනබව ද නීතිපතිවරයා සිතාගෙන සිටින්නේ මිනිකපනවා එම්බාම් කරනවා වගේ නඩු විසදන්න පුළුවන් කියලයි.

එමෙන්ම සැකකරු අධිකරණය හෝ පොලිසිය මගහැරියේ නැහැ අපි රිට් පෙත්සමක් ඉදිරි පත්කර තිබෙන වාඑය මේ මස 5 වන දිනට දිනනියමවී තිබෙනවා

සැකකරුට එරෙහිව දිත්ව වරෙන්තුවක් නැහැ මේක දේශපාලන රගපෑමක් මාධ්‍ය සංදර්ශනයක්. ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා .

විමර්ශන අවසන් නැතිනිසා සහ සාක්ෂිකරුවන්ට බලපෑම් ඇතිනිසා ඇප ලබාදීමට පැමිණිල්ල විරුද්ධ වනබව ත් පොලිසිය ලබාදී ඇති ලේඛන වල සදහන් වන්නේ මිගමුව පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වරයා කිලෝමීටර් 72 ක් දුරගෙවා කුරුනෑගලට ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගත්බවයි.

දෙපාර්ශවයේම කරුණු සලක බැලු වැඩබලන මහේස්ත්‍රාත් කේ ජි ගුණදාස මහතා සැකකරු 4 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය .

ජ්‍යෙෂ්ට රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම නීතිඥ කසුන් සරත්චන්ද්‍ර මහතා සමග   නියෝජ්‍ය සොලිසිටර්ජෙනරාල් දිලීප පිරිස් මහතා  පැමිණිල්ල මෙහෙයවමින් කරුණු දැක්වූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ලමාහේවා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සිදත් ජයසේකර සමග උපපොලිස් පරීක්‍ෂක මැද ගම පැමිණිල්ලට සහය විය

නීතිඥ ප්‍රියන්ත රාජපක්ෂ රවින්ද්‍ර ප්‍රනාන්දු සමග කැලුම් කුමරසිහ මහතා සැකකරු වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්විය

 

 

 

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content