30 C
Negombo
30 C
Negombo

පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු නම්කරයි

-

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙට හිමි  ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 17 සදහා   එම පක්ෂය විසින්  නමකල අයගේ නාම ලේඛනය  මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (07) භාරදී තිබේ.

එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 17 ට   මහාචාර්ය ජී.එල් පීරිස් , නීතිඥ සාගර කාරියවසම්,  හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක යන අය ඇතුලත් කර ඇත

එමෙන්ම  ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය රංජිත් බණ්ඩාර , මාචාර්ය චරිත හේරත්, සමාජ ක්‍රියාකාරී ගෙවිදු කුමාරතුංග, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් , මහාචාර්ය තිස්ස විතාරණ සහ ඉංජිනේරු යදාමිණි ගුණවර්ධන යන අය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරවලට හිමිකම් කියයි.

එමෙන්ම ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්, ව්‍යාපාරික ටිරාන් අලස්, විශේෂඥ වෛද්‍ය සිතා අරඹේපොළ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සහ ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන් යන අය ද එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අතරට අයත් වේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content