30 C
Negombo
30 C
Negombo

මීගමුවේ සංවර්ධනයටත් දායකවන්න -මීගමුවෙන් මනාප ලබාගෙන ගොඩගිය සැමට නිමල් ලාන්සා ගෙන් විවෘත ආරාධනයක්

-

ජනාධිපතිතුමා සහ අගමැති තුමා  කෙරෙහි විශාල විශාල විශ්වාශයක් සහ රටේ සංවර්ධනය පිලිබදව විශාල  බලාපොරොත්තුවක් තබාගෙන ශ්‍රීලංකා පොදුජන පෙරමුණට අතිවිසිස්ට ජයග්‍රහණයක් ලබාදුන් ශ්‍රීලංකා වාසීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරිම සදහා රට සංවර්ධනය කිරීමේ සව්භාග්‍යයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීමට සුපුරුදු පරිදි දිනකට පැය 16 ක් 17 ක් වැඩකරනබව ශ්‍රීලංකා පොදුජන එක්සත්    පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරයෙකු ලෙස  තේරී පත්ව සිටින නිමල් ලාන්සා මහතා පවසයි

ඒ මහතා මෙම අදහස් පලකලේ මිගමුව වැල්ල විදියේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයට ජයග්‍රහණයේ සතුට බේද ගැනීම සදහා පැමිණසිටි ආධාරකරුවන් පිරිසක් අමතමිනි .

මෙහිදී වැඩිදුරටත් අදහස දැක්වූ නිමල් ලාන්සා මහතා දැන් ජන්දය අවසන්බවත් තමාගේත් පක්ෂයේත් ජයග්‍රහණය වෙනුවෙන් ජන්දය දුන් පාක්ෂිකයන්ට මෙන්ම විපක්‍ෂව ජන්දය දුන් ජනතාවටද එකසේ සේවයකරණ බවද තමන් කැමති දේශපාලන පක්‍ෂයකට සහයෝගය දැක්වීමට ඇති ප්‍රජාතන්ත්‍ර වාදී අයිතියට තමන් හැමවිටම ගරුකරන අකාරයෙන් කටයුතු කරනලෙස ආධාරකරුවන්ගෙන් ඉල්ල්ලිමක්ද කළේය.

පළාත් පාලන මැතිවරණයේදීත් ජනාධිපති මැතිවරණයේදීත් පරාජයවූ මිගමුව ජන්ද බල ප්‍රදේශය මෙවර මහමැතිවරණයෙන්  ජයග්‍රහණය කිරීමට පක්‍ෂ පාට ජාති ආදී බේදයකින් තොරව ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා කෙරෙහි මෙන්ම තමන්කෙරෙහි විශ්වාශය තැබූ මිගමුව ජනතාවට ස්තුතිය පිරිනමන  බවද නිමල් ලාන්සා මහතාප්‍රකාශ කළේය.

මිගමුව ආසනයට පැමිණ මැතිවරණ කටයුතු සිදුකර කාර්යාල විවෘතකර  මනාප ලබාගැනීමට ඕනෑම අයෙකුට පැමිණෙන්න  ඒ අයව ගෙන්වා ගැනීමට උදවු කිරීමට තමන් සමග දේශපාලන කටයුතුවල නිරතවන ආධාර කරුවන්ටද අවස්ථාව ලබාදුන් බවත් එසේ පැමිණ මීගමුවෙන් මනාප ලබාගෙන ජයග්‍රහණය කල අයට මීගමුවේ සංවර්ධන කටයුතු සදහා දායක වන ලෙසත් ඒ සදහා තමන්ගේ පුර්ණ සහයෝගය ලබාදෙන බවත් නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වැදගත්ම දේවැන්නේ මනුස්ස කම බවත් දේශපාලන මතිමතාන්තර මත අසල්වැසියන් සමග අමනාපකම් ඇතිකර නොගෙන තමා මෙන් සිතා ඔවුන් සමගද සහයෝගයෙන් සහ සුහදව  කටයුතු කරනලෙස  නිමල් ලාන්සා මහතා  පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content