30 C
Negombo
30 C
Negombo

හෙටසිට සියළු පාසැල් විවෘතයි – පංති පැවත්වීමට දින වෙන්වේ -200 ට අඩු පාසැල් සාමාන්‍ය පරිදි

-

හෙට (10) දිනයේ සිට දිවයිනේ සියලු පාසල් අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

කෙසේවෙතත් 5,10,11, 12 හා 13 ශ්‍රේණිවලට පමණක් සතියේ දින පහ තුළ පාසල් විවෘතව පවතින අතර අනෙක් ශ්‍රේණි සදහා අදියර වශයෙන් අධ්‍යයන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇත.

ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් සාමාන්‍ය පරිදි දින 05 තුළම පැවැත්වීමට නියමිත අතර

ළමුන් 200ට වැඩි ප්‍රාථමික පාසල් සඳහා පළමු ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය සඳුදා දිනයේත්, 2 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය අඟහරුවාදා දිනයේත්, 3 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය බදාදා දිනයේත් බ්‍රරහස්පතින්දා සහ සිකුරාදා දිනවල 4 සහ 5 වන ශ්‍රේණි සදහා   පාසැල්පැ වැත්වෙනු ඇත.

6,7,8 සහ 9 ශ්‍රේණි සදහා පාසල් කාලය පෙරවරු 07.30 සිට දහවල් 01.30 දක්වා වන අතර 10 සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් කාලය පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාස කර ඇත .

සිසුන් සංඛ්‍යාව 200ට වැඩි ද්විතියක පාසල් සඳහා සදුදා දිනයේ 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත්, අගහරුවාදා දින 7 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත්, බදාදා දින 8 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත් පාසල් පැවැත්වෙනු ඇත.

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 9 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පමණක් පාසල් පැවැත්වෙන බවද  අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content