30 C
Negombo
30 C
Negombo

කාර්ය මණ්ඩලය නොමැතිවීමෙන් බෝඩ් ලෑල්ලකට සීමාවී පනඅදින – මිගමුව රෝහලේ හෘද රෝග ඒකකය.

-

මිලියන 100 කට වැඩිමුදලක් වැයකර මිගමුව මහරෝහලේ ඉදිකරන  හෘද රෝග ඒකකය ගොඩනැගිල්ලකට සහ බෝඩ් ලෑල්ලකට  පමණක් සිමාවන තත්වයක් උද්ගතව ඇත.

මෙම අවාසනාවන්ත තත්වය උදාවී ඇත්තේ ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය  කාර්ය මණ්ඩලය නොමැතිවීම නිසාය

පුත්තලම සිට රාගම දක්වා කිලෝමීටර් 133 ක දුරකට විහිදෙන වෙරළ තිරයේ කිසිදු රජයේ රෝහලක හෘද දැඩි සත්කාර ඒකකය නොමැති අතර මෙම ප්‍රදේහවල හදිසි  හෘදයාබාද වලට ලක්වන රෝගීන් රාගමට හෝ කුරුණෑගලට නැත්නම් කොලබට රැගෙන යාමට  සිදුවන අතර එමනිසාම සමහර විට රෝගීන් මියයාමට පවා ඉඩකඩ ඇත.

මෙම තොරතුරු අනාවරණය වුයේ මහජනතාවගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවන මිගමුව රෝහලේ  හෘද රෝග ඒකකයේ පළමු අදියරේ පළමු කොටසවන හෘද රෝග ඒකකය සදහා මිලියන 10 කට වැඩි වියදමක් දරමින්  නවීකරණය කරනලද  ගොඩනැගිල්ල  රෝහල වෙත බාරදුන් අවස්ථාවේදීය.

මෙම හෘද රෝග ඒකකය ඇදන් 20 ක් වාට්ටු දෙකකින් සහ දැඩි සත්කාර ඇදන් 14 කින් සමන්විතව අදියර තුනකින් සදා නිමකිරීමට මිගමුව රෝහල් සංවර්ධන පදනම  සැලසුම් කර ඇත.

මෙම භාරදීමේ උත්සවය වාට්ටු සංකීර්ණයේදී පැවතිඅතර රෝහල් සංවර්ධන පදනම වෙනුවෙන් එහි සභාපති ක්‍රිෂාන්ත දල්පදාදු මහතා විසින් වාට්ටු සංකීර්ණයේ යතුරු මිගමුව රෝහලේ හෘද රෝග පිළිබද විසේසඥ වෛද්‍ය දිස්නා අමරතුංග මහත්මියට බාරදෙනු ලැබිය.

මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන්  විසින් අසනලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් විසේසඥ වෛද්‍ය දිස්නා අමරතුංග මහත්මිය සිදුකල කරුණු පැහැදිලි කිරීම්වලදී ඉහත කරුණු අනාවරණය විය.

කොවිඩ් වසංගතයත් සමග සෞඛ්‍ය අංශය ගැටළු රැසකට මුහුණ පා ඇතිබවත් කාර්ය මණ්ඩලය ලබාදීම පිලිබදව අපහසුතා ගැටළු ඇතිබව තමන්ද දන්නා බවත් සදහන් කල විසේසඥ වෛද්‍ය දිස්නා අමරතුංග මහත්මිය මීගමුවේ මහරෝහලේ අංග සම්පුර්ණ හෘද රෝග ඒකකයක් ස්ථාපනය කිරීම තමන්ගේ අරමුණ බවතසදහන් කළේය

ඒමෙම ඒකකයේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා  අවශ්‍ය මුලය ප්‍රතිපාදන සහ උපකරණ ලබාදීම සදහා දැනටමත් දානපතියන් ඉදිරිපත් වී ඇතිබැවින් රජයෙන් මුදල්  ඉලන්නේ නැතිබවත්  මෙම ඒකකය සදහා රජයෙන් ඉල්ලා සිටින්නේ අවශ්‍ය කාර්ය මණ්ඩලය සපයා දෙනමෙන් පමණක් බවද ඒ සදහා ජනාධිපතිතුමා මැදිහත්වනු ඇතැයි තමා විශ්වාශ කරන බවද දිස්නා අමරතුංග මහත්මිය වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට මිගමුව මහරෝහලේ ලක්කුමාර ප්‍රනාන්දු මහතා ඇතුළු විසේසඥ වෛද්‍යවරුද ඇන්ටනි ප්‍රනාන්දු මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ පරිත්‍යාග ශිලින් ඇතුළු පිරිසක් සහභාගිවිය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content