29 C
Negombo
29 C
Negombo

රටම අවුල් කළ 19 අහෝසි කරමින් ජනතාවාදී ව්‍යවස්ථාවක්…..

-

රටම  අවුල් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර රටට ගැලපෙන ජනතාවාදී නව ව්‍යවස්ථාවක්  ගෙන ඒ මට ජනාධිපති වරණයේදී ලබාදුන් ජනවරම තවත් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණයේදී    තුනෙන් දෙකක බලයක් සහිත  ශක්තිමත් පාර්ලිමේන්තු බලයක්    ජනතාව විසින් ආණ්ඩුවට ලබා දී ඇතිබව  ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතලපහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ අද (30) දින ඒ මහතාට සුභ පැතීම සදහා වත්තල පක්‍ෂ කාර්යාලයට පැමිණසිටි පාක්ෂිකයන් පිරිසක් හමුවේ අදහස් පළකරමිනි

සුදු වෑන් කිබුල්ලු  මාධ්‍ය සාකච්ඡාව වැනි රංගනයන් පෙන්වමින් ජනතාව ගොනාට ඇන්දවීමට උත්සහකල  පක්‍ෂ සහ නායකයන්   මැතිවරණ  දෙකකදී ජනතාව විසින්  අන්ත පරාජයකට පත්කලා.

එන් ජි ඕ  නඩවල උවමනාවට රට අස්ථාවර කිරීමට 19 වන සංශෝධන  උගුල ඇටවීමට  කටයුතු කල පරාජිතයන්   ජනමතය  අවතක්සේරු කරමින්  ව්‍යවස්ථා සංශෝධනය පිලිබදව  බිල්ලෙක් මවා පෙන්වීමට මාධ්‍ය සාකචචා පවත්වමින් අසාර්ථක උත්සාහයක  යෙදෙන  බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

 

 

.

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.