30 C
Negombo
30 C
Negombo

විද්‍යාපීඨ යන්න 25 ට කලින් ON LINE අයදුම් කරන්න

-

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවයි. මෙවර සියලු අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් යොමු කළයුතුයි

2018 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මත 2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරී‍මට අදාළ ගැසට් නිවේදනය හෙට (2020-09-04 සිකුරාදා ) ගැසට් පත්‍රයේ පළ කෙරේ.
මේ සඳහා අයදුම් කිරීම මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදුකිරීමට එමඟින් උපදෙස් ලබා දී ඇති අතර, ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස අදාළ අයදුම්පත් සම්පූර්ණ කළ යුතුය. අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය 2020 සැප්තැම්බර් මස 25 වැනි දිනයි.
මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කිරීමේ දී මතුවන ගැටළු සම්බන්ධයෙන් විමසීම රාජකාරී වේලාවන් තුළ දුරකථන අංක 0112787303/0112787385/0112787393/ 0112787399/0112787444 මගින් සිදුකළ හැකි අතර, [email protected] යන නිල විද්‍යුත් ලිපිනය මගින් ද ගැටළු ඉදිරිපත් කළ හැකිය.
දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන පාඨමාලා 50ක් ‍සඳහා මෙවර සිසුන් 4253ක් බඳවා ගැනීමට නියමිත ය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content