30 C
Negombo
30 C
Negombo

යාපනයෙන් එන කේරළගංජා වයබට බටහිරට බෙදු පෙරියමුල්ලේ කෝටිපති හෝටල් හිමියා අත්අඩංගුවට

-

යාපනයයෙන්  මීගමුවට  කේරල ගංජා ඇතුළු  මත්ද්‍රව්‍ය තොග වශයෙන් රැගෙනවිත් කුරුණෑගල කොලබ මිගමුව හලාවත මාදම්පේ ජාඇල  ඇතුළුබස්නාහිර සහ වයබ පළාත්වල  බෙදා හරින ලද මිගමුව පෙරියාමුල්ල ප්‍රදේශයේ දිවා රාත්‍රී හෝටල් රැසක් පවත්වාගෙන යන  කෝටිපති  ව්‍යාපා රිකයෙකු ඇතුළු හයදෙනෙක් එක්කෝටිතිස්ලක්ෂයක පමණ වෙළද පොළ වටිනාකමක් ඇති කේරල ගංජා කිලෝග්‍රෑම් 42 ක් අයිස් ග්‍රෑම් 4 ක් සහ හෙරොයින් ග්‍රාම 5 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

යාපනයේ සිට මීගමුවට ගංජා ප්‍රවාහනය සදහා යොදාගත් නවීන පන්නයේඩබල්  කැබ් රථයක් සහ මීගමුවේ සිට බෙදාහැරිම සදහා යොදාගත් කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් ද අයිස් ග්‍රෑම් හතරක්  හෙරොයින් ග්‍රෑම් 5 ක් ද සැකකරුවන් සමග අත්අඩංගුවට පත්ව ඇත.

 

අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් වන්නේ මිගමුව පෙරියමුල්ල හලාවත පාරේ පදිංචි 41 වියැති අන්සාර්  මොහොමඩ් අක්බාර් මොහොමඩ් රිස්වාන් යාපනයේ තොන්ඩමනාරු කොන්ඩාවිල් දකුණ ප්‍රදෙසහ්යේ පදිංචි සුබ්‍රමනියම් තිලීපන් 35 ජාඇල ඉදිහින්න උතුරු බටගම රංජිත් දීසානායක 56 වත්තල හැදල මටාගොඩ රවින්ද්‍ර කුමාර් 41 දුන්කන්නාව නාත්තන්ඩියේ මොහොමඩ් අසාම් අකීල් 24 සහ ලුනුවිල කිරිමැටියානේ නිරන්ත කල්හාර යන සැකකරුවන්ය.

දැනට සිදුකර ඇති විමර්ශන වලට අනුව කේරල ගංජා ගැනුම් කරුවන්ගෙන් ලැබෙන ඇනවුම් වලට  පළමු සැකකරු විසින්  යාපනයට ලබාදෙන ඇනවුමට අනුව  යාපනයේ සිට මිගමුව දක්වා කැබ් රථයේ පිටුපස සකස්කළ රහසිගත කුටියක අසුරා ගංජා ප්‍රවාහනය කර ඇත

දළුපොත සිරකදවුර පාරේ පළමු සැකකරු විසින් කුලියට ගෙනතිබෙන දෙමහල් නිවාස දක්වා රැගෙන එන මත්ද්‍රව්‍ය ඇනවුම්කල අය පැමිණ මුදල් ගෙවා රැගෙන යන බවද විමර්සහන වලදී අනාවරණය වී ඇත

මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානය වටලා සැගව එහි සිටි පොලිස් නිලධාරීන් විසින්     මත්ද්‍රව්‍ය මිලට ගැනීමට පැමිණි සැකකරුවන් තිදෙනෙක්  ප්‍රවාහනය සදහා රැගෙන  පැමිණි බට්ටා ලොරිරථයද  සමග අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මෙම කෝටිපති  ව්‍යාපාරිකයා මත්ද්‍රව්‍ය ජාවාරම මගින් උපයාගත් දේපල පිලිබදව මුදල්  විසුද්ධි කිරීමේ පනතේ ප්‍රතිපාදන යටතේ එම දේපල රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට විමර්ශන ආරම්බ කරනබව  පොලිසිය පවසයි.

මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී සමන්සිගේරා මහතාගේ උපදෙස් අනුව මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය යේ ස්ථානාධිපති සම්පත් දිසානායක මහතා සිදුකල මෙම වැටලීමට උපපොලිස් පරක්ෂක වරුන් වන සරත් කුමාර ඩිල්ෂාන්පොලිස් සැරයන් වරුන්වන 6490 සෙනවිරත්න 61836 ඉන්දික පොලිස් කොස්තාපල්වරුන් වන  39690 සුගත් 37928 වන්නිනායක 34 292 නලින්ද 79776 වීරසිංහ 75480 ධම්මික 88441 හපුවිට 82756 ගයාන් සහ පොලිස් රියදුරු 3644 මඩවල යන නිලධාරින්ද මෙම වැටලීමට සහ විමර්ශන කටයුතු සදහා එක්විය.

සැකකරුවන් රැදවුම් නියෝග යටතේරදවාගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content