30 C
Negombo
30 C
Negombo

ගිගුරුම් සහිත වැසි සුළගේ වේගයත් ඉහලට

-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් 12.00 ට නිකුත්කර ඇති කාලගුණ අනාවැකියට අනුව

බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලසහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මී 100 වැඩි තද වැසිඇති විය හැක.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී 50 පමණ තරමක තද සුළං ඇති වන අතර ගිගුරුම් සහිත වැසිත් සමගසුළගේ වේගය පැ.කි.මී. (70-80) දක්වා ඉහල යා හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට (06) දින දහවල් 12:09 ට බෙන්තොට, මීගම, දොඩම්පපිටිය පැලවත්ත, බොඩගම සහ කතරගම ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content