30 C
Negombo
30 C
Negombo

ජනතා  පරමාධිපත්‍ය බලය තිබිය යුත්තේ  ජනාධිපති තුමාගේ අතේ මිස එන් ජි ඕ  කාරයන් අත නොවේ – විමල් විරවංශ

-

ජනතාව ජන්දයෙන් ලබාදෙන ජනතා  පරමාධිපත්‍ය බලය තිබිය යුත්තේ  ජනාධිපති තුමාගේ අතේ මිස එන් ජි ඕ  කාරයන් අත නොවන බව අමාත්‍ය විමල් වීරවංස මහතා පවසයි .

ඇමතිවරයා   මෙම අදහස් පලකලේ 4 වන දින  මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ මහතාට විරුද්ධව පවරා ඇති ගමන් බලපත්‍ර  නඩුවට  පෙනි සිටිම සදහා පැමිණි  අවස්ථාවේ මාධ්‍ය වේදීන් විසින් අසනලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

ජනාධිපති වරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදීද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනයයෙන් සිදුව ඇති විකෘතිය ඉවත්කිරීම අපගේ මැතිවරණ සටනේ ප්‍රධාන තේමා පාටයක් ඒ සදහා  එම මැතිවරණ දෙකේදීම ජනතාව ප්‍රබල ජනවරමක් ලබාදී තිබෙනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉක්මනින් සකස් කිරීම අපහසුයි එම නිසා 20 වන සංශෝධනය මගින 19 යෙන් ඇතිකළ විකෘතිය අවසන්කර ජනතාව විසින් ලබාදී ඇති පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට බලය ලබාදිය යුතුයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීම සදහා ජනාධිපතිතුමාවිසින් විශේසඥ කමිටුවක් පත්කර තිබෙනවා ඒ කමිටුවට ඉදිරියට පැමිණ ඕනෑම පාර්ශවයකට කරුණු ඉදිර්පත්කිරීමේ අවස්ථාව ඉදිරියේදී ලැබේවි.එම අවස්ථාවේදී 13 වන සංශෝධනය පිලිබදව පවතින මත ඉදිරිපත්කල හැකියී.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content