30 C
Negombo
30 C
Negombo

නැගෙනහිර පළාත්  ආණ්ඩුකාරවරිය හෙට අනිද්දා -කන්තලේ වැව්බැම්ම උඩට ….

-

නැගෙනහිර පළාත්  ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ මුලිකත්වයෙන් නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ආණ්ඩුකාර කාර්යාලයත් ඒකාබද්ධව කිඩෑ උවදුර මර්දනය කිරීමට හා කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරීමේ අරමුණින් 2020 යල කන්නයේදි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ “දැයට හිතැති ගොවිතැන” නමින් අක්කර 100ක කාබනික වී වගාකිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේය.

ඉහත ව්‍යාපෘතියේ අස්වනු නෙලිමත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ තවදුරටත් වසවිසෙන් තොර පරිසර හිතකාමි ගොවිතැන ව්‍යාප්ත කිරීමේ අරමුණින් පවත්වන අලුත් සහල් මංගල්‍ය 2020 සැප්තැම්බර් මස 08 සහ 09 දෙදින කන්තලේ වැව් බැම්ම මතදි පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

08 වැනි අගහරුවාදා පස්වරු 4.30ට මෙම උත්සවයේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතය.

රුචිර දිලාන් මධුසංඛ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content