30 C
Negombo
30 C
Negombo

තොගවශයෙන් මතට පෙති අලවිකල දංකොටුවේ ෆාමසි හිමිකරුවෙකු අත්අඩංගුවට

-

මත් ලෝලීන්ට අලවිකිරිම සදහා ප්‍රබල වේදනානාශක කරල් තොගවසයෙන්බෙදාහැරීමේ යෙදුනු  ෆාමසි හිමිකරුවෙකු  ශ්‍රීලංකා නාවික හමුදාවෙ න් ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව මිගමුව කොටාශ අපරාධ විමර්ශන කාර්යාංශය සහ ජාතික ඖෂධ නියමන අධිකාරියේ නිලධාරීන් එක්ව සිදුකල වැටලීමකදී වේදනානාශක කරල් 1000 ක් සමග කොච්චිකඩේ දී අත්අඩංගුවට ගෙන් ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව රෝහල ඉදිරිපිට ෆාමසි හිමිකරුවෙකු  බව කියන දංකොටුව හාල් දඩුවන මල්වත්ත පාර  පදිංචි සුදර්මන් ආරියසිංහ 30  නමත්තෙකුය

අත්අඩංගුවට පත්වන් අවස්ථාවේ සැකකරු යතුරු පැදියකින් ගමන්කරමින් සිට ඇති අතර යතුරු පැදියද දී අත්අඩංගුවට ගෙන් ඇත

මොහු ලියාපදිංචි ඖෂධ වේදියෙකු නොවනබවත්  මෙලෙස  වේදනානාශක අලවි කිසිම කාලයක් තිස්සේ සිදුකර ඇතිබව පොලිසිය විසින් සිදුකල මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී සමන්සිගේරා මහතාගේ උපදෙස් අනුව මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය යේ ස්ථානාධිපති සම්පත් දිසානායක මහතා    සිදුකල මෙම වැටලීමට සහ ජාතික ඖෂධ නියමන අධිකාරියේ ගම්පහදිස්ත්‍රික් නිලධාරී ඩි එම කරුණාරත්න පොලිස් පරක්ෂක ඉන්දිකසැරයන් 4866 බණ්ඩාර පොලිස් කොස්තාපල් වරුන් වන     37928 වන්නිනායක 85438 ජයකොඩි  නිලධාරින්ද මෙම වැටලීමට සහ විමර්ශන කටයුතු  සිදුකර ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content